විදැස: සමාජ යහ පැවැත්ම හා පුරුෂාර්ථ සමාජ යහ පැවැත්ම හා පුරුෂාර්ථ | විදැස

සමාජ යහ පැවැත්ම හා පුරුෂාර්ථ



පුරුෂාර්ථ , සැබවින්ම මින් අදහස්  කෙරෙන්නේ කුමක් ද යන්න විග්‍රහ කොට බැලීම අන් සියල්ලටම වඩා වැදගත් . පුරුෂාර්ථ යන්නෙහි මූලික සරළ අදහස වන්නේ අපට නිතර දෙවේලේ අසන්නට ලැබෙනසාර ධර්මයන්නයි. මිනිසුන් වශයෙන් අප මේ මිහි මත වාසය කරන විට දී සාරවත් වූත් යහපත් වූත් ක්‍රියා පිළිවෙත් අපට අත්‍යවශ්‍ය ය . සැම පුද්ගලයෙකුට ම   සමාජීය ජීවිතයක් පවතින අතර  එසේ සමාජ ගතව ජීවිකාව ගෙවන විට දී සාරධර්ම යන්න කෙතරම් වැදගත් ද යන්න නිර්ණය කළ නො හැක . ලාංකිකයින් වශයෙන් අප හට සාරධර්ම අතීතයේ සිට  ඉතා ම සමීපව පවතින වටිනාම අංගයක් .කුඩා කළ සිට අප නිතර දෙවේලේ ඉබේටම හුරු වූ සාරධර්ම ඇත , එනම් දෙමව්පියන්ට , ගුරුවරුන්ට , වැඩිහිටියන්ට සැලකීම , අන්යන්ට ගරු කිරීම , කළ ගුණ සැලකීම , වැනි දේයි
          පුරුෂාර්ථ , සෑම රටකට , ජාතියකට ම අයත් ව වෙන් වෙන් ව පවතී . යම් විටක  පුරුෂාර්ථයන් එම රටේ , ජාතියේ අනන්‍යයතාවය ප්‍රබල ලෙස හුවා දැක්වීමට ද සමත් වේ . චිරාත් කාලයක පටන් අප රට තුළ සාරධර්ම මනා ළෙස ස්ථාපිතව තිබිණි . එයට ප්‍රධානතම හේතුව වන්නේ අප සමාජයේ මූලික පදනම සැකසුනේ ගමයි , පන්සලයි ,වැවයි,දාගැබයි පෙරමුණු කොට ගෙන වූ නිසා වෙනි . සැබවින්ම සාරධර්ම අප අතරට එන මූලාශ්‍ර සමාජානුයෝජනය ආයතන කිහිපයකි පවුල , පන්සල , පල්ලිය , කෝවිල , වැනි ආගමික ආයතනයන් .
          යම් පුද්ගලයෙකුගේ පුරුෂාර්ථ යන්ට අනුකූල හැසිරීමට බලපාන රේඛීය සාධකය වන්නේ කුටුම්බය හෙවත් පවුලයි . මනා හික්මීමකින් යුත් පවුල් සංස්ථාවක හැදී වැඩෙන දරුවා සාරධර්ම නම් අවි ආයුධ වලින් සන්නද්ධ  යුධ සෙබළෙකු වැනිය . එවිට ඔහුට හෝ ඇයට සමාජයේ පිළිගත් චරිතයක් බවට වැඩි කලක් ගත නොවනු ඇත.නමුදු මෙහි පරස්පර තත්වය විමසා බැලීම ද ඉතා අගනේය . යම් පුද්ගලයෙකු සාරධර්ම හීන පවුල්ස්ංස්ථාවක් තුළ හැදී වැඩේනම් සමාජයේ බෙලහීන කොන් වූ පුද්ගලයෙකු බවට පත්වීමට වැඩිකලක් ගතවන්නේ නැත . විටෙක පවුල් සංස්ථාව කෙසේ වූවත් තම දැනුමට අනුව බුද්ධියෙන්  විමසා බලා යහපත් දිවි පෙවෙත් හුරු කර ගත්තෝ ද නැතුවාම නොවේ .  
          සාරධර්මයන්ගෙන් පරිපූර්ණ වූ පුද්ගලයෙක් සමාජය තුළ දිවි ගෙවීමේදී ඔහුට සමාජයෙන් ලැබෙන්නාවූ ප්‍රතිචාරයන්  පිළිබද විමසා බැලීම වැදගත් . යමෙක් සාරධර්මයන්ගෙන් පරිපූර්ණ නම් සමාජයේ යම් පිළිගත් තැනැත්තෙක් බවට පත්වේ . එමෙන්ම සාරධර්ම ගුණධර්ම මිනිසාට මෙතරම වැදගත් වන්නේ කුමක් නිසාද යන්න ඉතා වැදගත් වේ . මිනිසා තිරිසන් සතාගෙන් වෙන්වී පෙනෙන්නේ මානසික හා සාමාජීය අතින් මිනිසා  උසස් වන හෙයිනි. සාරධර්ම තුළින් සිදු වන්නේ මිනිසා තුළ සදාචාරමය වෙනසක් ඇතිකරලීමය එහෙයින් අප සමාජයේ ජීවත් වීමේදී පුරුෂාර්ථ ඉතා අගනේය .
                   වර්ථමානය වනවිට සමාජය මේ  සදහා කෙසේ ප්‍රතිචාර  දක්වන්නේද යන්න විග්‍රහ කිරීම ඉතා වැදගත් . වත්මනෙහි සාරධර්මයන්ගෙන් යුත්තකු සමහරෙක් විශේෂ වූ නාමයකින් හඳුන්වයි , එනම් ඔහු හෝ ඇයගොඩයෙක්ලෙසින් හදුන්වයි . වැඩිහිටියනට  සැළකීම, යමෙකුට ගරු කිරීම අද යමෙකුට තම තත්වය බාල කිරීමකි . කෙමෙන් කෙමෙන් සමාජයෙන් පුරුෂාර්ථ දැන් දුරස් වෙමින් පවතින අතර සමහරුන් මෙය විලාසිතාවට පිළිපදිනු දක්නට ලැබීමද හස්යජනකය . මීට මූලික හේතුව කුමක් විය හැකි ද ? අද අප දිවි ගෙවන්නේ ඉතා තරගකාරී තාක්ෂණයත් සමග පෙරළිකාරී ලෙස ඉදිරියට ගමන් කරන සමාජයකි . මෙවන් සමාජයක පුරුෂාර්ථ වැනි දේ පිළිබඳ සිතීමට පවා අද කාලයක් නොමැත . මිනිසුන් යාන්ත්‍රිකය , විටෙක ඔවුන් ගත කරන්නේ පුහු ආටෝප  ජීවිතයි , රටට වැදි බණ පවසන මිනිසුන්ගේ අතුලාන්තය හිස් .ඔවුන් සිතන්නේ භෞතික දියුණුව මිස ආධ්‍යාත්මය  ගැන නොවෙයි . දැණුවත් කමකින් තොරවම අපට හානියක් වන බව අපි නො දනිමු . දිනපතා පුවත්පතක් , රූපවාහිනිය නැරඹුව හොත් නතු ගැටෙන්නේ ප්‍රිය ජනක සංවරශීලී දේ නොවේ . මිනිසුන්ගේ හුදු ඕලාරික ගති පැවතුම් විදහා පාන , පහත් හැගීම් අවුළුවාලන සිදුවීම් දාමයන් .උතුම් ලෙස සැලකුම් ලබන්නට උවමනා දේ නොවතිනා ලෙස තුට්ටුවට දමා කතා කිරීමට යොමු වී ඇත . දඬුවම නියම වන්නේ වරදට නොව මුදලටය. මිනිසත් බව මුදලට යට වී හමාරය . අධ්‍යාපනය අති ඉහල මට්ටමකට නමුදු පාසල් සිසු දරුවන්ද යාන්ත්‍රික රොබෝ වරුන් මෙනි , එකම රාමුවකට සිරවී කල් ගෙවයි . ඉන් පිටත ඇති සංවේදීත් වය වැනි හැගීම් තුරන්ව ගොසිනි .
පවුල තුළ ආදර්ශමත් චරිත ලෙස දෙමව්පියන් තම දරුවන්ට සාරධර්ම උගන්වන පූර්වාචාරීහූ වෙති . නමුත් අද පූර්වාචාරීන් බවට පත්ව ඇත්තේ දරුවන් . වැඩිහිටියන් සාරධර්මයන්ගෙන් දුරස් වී හමාරය . මේ සදහා පිළියම් යොදා රට ජාතිය සමාජය බේරා ගැනීමටද හැකියාව ඇත්තේද අපටමයි . වත්මනෙහි ඇත්තේ සාරධර්ම හීන වී ගිය ධනවාදී සමාජ ක්‍රමයක් යන්න පැවසීමද සාධාරණය . “එදිරිවීර සරත්චන්ද් ශූරීන්ඔහුගේ ධර්මිෂ්ඨ සමාජයකෘතියේ මෙසේ සාරධර්ම හීන සමාජය පිළි දව  දක්වා ඇත . “කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා අද විතරයි සොමිය අත්තෙ හෙට නැති වෙනවා එමෙන්ම සාරධර්ම පාවා දෙන ධනය පිටුපස හඹායන සමාජය පිළිබඳලූෂන් බුලත්සිංහලයන්මෙසේ තමතාරාවෝ ඉගිලෙතිනාට්‍යයෙන් දක්වා ඇත . “එලිපිට ඇත් අවකෙලි ..... කිසිවෙකු දඩුවම් නොකරන්නේ
          මේ සියළු කරුණු සැලකුව විට කල කළ වර්තමානය වනවිට සමාජය සිටින්නා වූ ස්ථාවරය පිළිබදව නිර්ණය කර ගැනීමට හැකියාව ලැබේ , මේ සදහා අපට කුමක් කළහැකි වන්නෙද යන්න සොයා  බැලීම වැදගත්වේ . සමාජයේ යම් යම් සාරධර්ම සමාජානුයෝජනය මය  ආයතන මගින් ආදර්ශවත් චරිත නිර්මාණය කිරීම යුගයේ අවශ්‍යයතාවයකි . කුඩා දරුවාගේ පටන් සාරධර්ම පිළිබඳ යම්කිසි අධ්‍යාපනයක්  ලබා දීම සිදු කළ යුතු ය .සමාජයේ ජීවත් වන ආදර්ශමත් චරුතයන්ගේ මගපෙන්වීම තුළින් සමාජය තුළ සාරධර්ම ස්ථාපිත කිරීමේ ක්‍රීයාවලියක් ආරම්භ කල හැක. තවද මෙය නිවරදි මග පෙන්විම හා ස්වයං අවබෝධය අවැසි ය මක්නිසාද යත් මෙවා බලෙන් පෙවීමට නොහැකි බැවිනි .
.කෙසේ වෙතත් සමාජය තුළ පුරුෂාර්ථ ස්ථාපිත කිරීමට අප යුහුසුලු නොව්න්නේ නම් දරුණු ඛේදවාචකයකට මුහුණ දීමට සූදානම් වී අප පෙරමං බලා සිටිය යුතුය . පුද්ගලයාත් සමාජයත් යා කරන යදමක් බදු පුරුෂාර්ථ නැතිනම් සාරධර්ම රැක ගනිමින් අනාගත රට ලෝකය ආරක්ෂා කර ගැනීම අප සතු උදාර යුතුකමකි, වගකීමකි.     


3 comments:

  1. සාරධර්ම පුරුදු පුහුනු කල යුත්තේ වැඩිහිටියන්‍ ය. වැඩිහිටයා ආදර්ශමත් දිවිපෙවෙතක් නොගෙවීම නිසා හෙට ලොවට නායකත්වය දීමට සිටින ලදරුවා අසරනය.මේ සදහා විකල්පයක් පේන තෙක් මානයේ නැත. එවන් යුගයක තමනට හැකි අයුරින් මෙවැනි ලිපියකින් හෝ කිති කැවීමක් කිරීම කාලෝචිතය.

    ReplyDelete
  2. පිරිහීමෙන් ගිණියම් වූ සමාජය යළි ගොඩනැගිමට මෙවන් සිරිපොද වැස්ස ද වටිනේ ය.

    ReplyDelete

ඔබගේ අදහසත් එක් කරන්න