විදැස: 2016 විදැස: 2016 2016 | විදැස

සේවක අර්ථ සාධක අරමුදලේ ගැන වැදගත් තොරතුරු

සේවක අර්ථසාධක අරමුදල යනු කුමක්‌ද? එයින් ලැබෙන ප්‍රතිලාභ මොනවාද? වර්තමානය වන විට එහි තත්ත්වය කෙබඳුද? සහ නව ව්‍යාපෘති මොනවාද යන්න පිළිබඳව "ඉරිදා දිවයින සංග්‍රහය" සේවක අර්ථ සාධක අරමුදලේ කොමසාරිස්‌ චින්තක වැලිවත්ත මහතා සමග කළ සංවාදයකි මේ.

ප්‍රශ්නය - සේවක අර්ථසාධක අරමුදල ගැන කෙටියෙන් පැහැදිළි කළොත්?

පිළිතුර - සේවක අර්ථ සාධක අරමුදල කියන්නේ (EPF) ශ්‍රී ලංකාව තුළ පවතින විශාලතම සමාජ ආරක්‍ෂණ ක්‍රමයයි. ඒ කියන්නේ යම් අයකු කරන රැකියාවට විශ්‍රාම වැටුපක්‌ ලැබෙන්නේ නැත්නම්, එම පුද්ගලයාට විශ්‍රාම දිවියෙන් පසු කිසිම මුදලක්‌ ලැබෙන්නේ නැහැ. එහෙම වුණොත් ඔහුට විශ්‍රාම දිවිය හොඳින් ගත කරන්න බැහැ. අන්න ඒකට අත්වැලක්‌ සේවක අර්ථසාධක අරමුදලින් කෙරෙන්නේ.

ප්‍රශ්නය - මෙම අරමුදලේ සාමාජිකයන් වෙන්න පුළුවන් කෙසේද?

පිළිතුර - පෞද්ගලික අංශයේ හෝ අර්ධ රාජ්‍ය අංශයේ සේවයේ නියුතු ඕනෑම සේවකයකුට ඔහු සේවයට බැඳුනු දවසේ සිට මේ අරමුදලේ සාමාජිකයෙක්‌ වෙන්න පුළුවන්. තවද විශ්‍රාම ගැනීමෙන් අනතුරුව නැවත සේවයේ යෙදෙන විටදී වුවත් මෙහි සාමාජිකයකු වීමේ හිමිකම තිබෙනවා.

ප්‍රශ්නය - පෞද්ගලික හෝ අර්ධ රාජ්‍ය අංශයේ කුමන ආකාරයේ සේaවකයන්ටද මෙහි දායකත්වය ලබාගත හැක්‌කේ?

පිළිතුර - පහත සඳහන් ඕනෑම සේවකයකුට මෙහි සාමාජිකත්වය ලබා ගත හැකියි. එනම් ස්‌ථිර, ආධුනික, තාවකාලික හෝ අනියම් සේවකයන්ට, කෑලි ගණනට, කොමිස්‌ ක්‍රමයට, කොන්ත්‍රාත් ක්‍රමයට හෝ වැඩ ප්‍රමාණය අනුව ගෙවීම් කරනු ලබන සේවකයන්ට, මාසික, අර්ධ මාසික, සතිපතා හෝ දවස්‌ පඩි ලබන සේවකයන්ට, සේවකයන් 10 දෙනකුට වැඩි පුණ්‍යායතන හා සමාජ සේවා කටයුතු සඳහා පවත්වාගෙන යනු ලබන ආයතනවල සේවකයන්ට, කම්කරු ශ්‍රේණිවල සිට කළමනාකරණ ශ්‍රේණි දක්‌වා සෑම තරාතිරමකම සේවකයන්ට සහ මෙරට රැකියාවල නියුක්‌ත විදේශිකයන්හටද මෙහි දායකත්වය ලබාගත හැකියි?

ප්‍රශ්නය - සේවක අර්ථසාධක අරමුදලේ දායක මුදල් අයකර ගන්නේ කෙසේද?

පිළිතුර - සේවකයකුගේ මුළු ඉපයීම් සඳහාම දායක මුදල් ගණන් බලනවා. ඒ කියන්නේ පඩි, වැටුප්, ගාස්‌තු, ජීවන වියදම් දීමනාව, විශේෂ ජීවනාධාර දීමනාව සහ වෙනත් සමාන දීමනා ආදී සියලුම මූල්‍යමය වටිනාකම් වල එකතුව ගණන් බලලා තමයි දායක මුදල් තීරණය කරන්නේ.

සේවකයාගේ මාසික මුළු ඉපැයීමෙන් 8% ක්‌ සහ සේවා යෝජකයාගෙන් 12% කුත් යොදවලා 20% කට සමාන මුදල් ප්‍රමාණයක්‌ සේවක අර්ථසාධක අරමුදලට බැර කළ යුතුයි.

ප්‍රශ්නය - සේවක අර්ථසාධක අරමුදලේ කටයුතු පාලනය කරනු ලබන්නේ කෙසේද?

පිළිතුර - සේවකයන් ලියාපදිංචි කිරීම, හිඟ ගෙවීම් අයකර ගැනීම සාමාජිකයන් සඳහා ප්‍රතිලාභ ගෙවීම් නියාමනය කිරීම වැනි කාරණත්, කම්කරු දෙපාර්තමේන්තුව මගින්ද? මූල්‍ය පාලන කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුව මගින්ද ඉටු කරනවා. කම්කරු දෙපාර්තමේන්තුවේ දිස්‌ත්‍රික්‌ හා උප කාර්යාල දිවයින පුරා පිහිටුවා ඇති හෙයින් ඕනෑම අවස්‌ථාවක යම් අයකුට අවශ්‍ය උපදෙස්‌ එම කාර්යාලවලින් ලබා ගැනීමට පුළුවන්.

ප්‍රශ්නය - සේවක අර්ථසාධක අරමුදලට ගෙවීම් පැහැර හරිනු ලබන හාම්පුතුන් වෙනුවෙන් ඔවුන් යටතේ සේවය කරන සේවකයන්ට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?

පිළිතුර - මුලින්ම කළ යුත්තේ තමන්ට ආසන්න නගරයේ ඇති අපගේ කාර්යාල වෙත පැමිණ ඒ පිළිබඳව පැමිණිලි කිරීමයි. මෙය නාමිකව මෙන්ම නිර්නාමිකවද කළ හැකියි. ඉන් පසුව එම පැමිණිලි අනුව කම්කරු දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක්‌ සිදුකරනවා. එහිදී ගෙවීම් පැහැර හැර තිබුණොත් යම් සේවකයකුට අසාධාරණයක්‌ සිදුවී තිබුණොත් එම හිඟ මුදල් ප්‍රමාද කාලයට අධිභාරයක්‌ද සමග මුදල් අයකර ගැනීමට කටයුතු කරනවා.

ප්‍රශ්නය - ප්‍රතිලාභ ගෙවීමේදී ප්‍රමාදයන් සිදුවන බවට චෝදනා තිබෙනවා නේද?

පිළිතුර - අතීතයේදී නම් එවැනි තත්ත්වයක්‌ තිබුණා. දැන් එහෙම නැහැ. 2001 වසරේ සිට ප්‍රතිලාභ ගෙවීම් පරිගණක ගත කරලා තියෙන්නේ. එම නිසා කිසිදු ප්‍රමාදයක්‌ සිදු වන්නේ නැහැ. දැන් රට පුරා අපගේ කාර්යාල 34 ක්‌ පිහිටා තිබෙනවා. එම නිසා එම ප්‍රදේශවලින්ද සේවකයන්ට හිමි ප්‍රතිලාභ ලබා ගැනීමේ පහසුව ලැබී තිබෙනවා.

ප්‍රශ්නය - ඔබතුමා එසේ පැවසුවාට ප්‍රතිලාභ ලබා ගැනීමට මාස ගණන් බලාගෙන සිsටින අය තවමත් සිටිනවා.

පිළිතුර - එසේ සිදුවන අවස්‌ථාත් තියෙනවා. ඒ කියන්නේ යම් සේවකයකුගේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ කම්කරු දෙපාර්තමේන්තුවේ සඳහන් තොරතුරු පරස්‌පරතා පවතින විට ගෙවීම් කිරීමේ ගැටලු මතුවෙනවා. තවත් සමහර විට සේවා යෝජකයා විසින් සාමාජික තොරතුරු නිසියාකාරව ලබා නොදීම ආදී කාරණා නිසා සමහරවිට ප්‍රතිලාභ ගෙවීම් ප්‍රමාදවීමට පුළුවන්.

ප්‍රශ්නය - නමුත් ජනතාව වර්තමානයේදී සේවක අර්ථසාධක අරමුදල ගැනත් පැහැදීමකින් නැහැ නේද?

පිළිතුර - ජනතාවට එහෙම පැහැදීමක්‌ නැතිවෙන තාලයේ වැඩ සේවක අර්ථසාධක අරමුදලින් සිදුකරලා නැහැ. අපි සාමාජිකයන්ට නියමිත ආකාරයට ප්‍රතිලාභ ලබා දෙනවා. ඒ වගේම අපෙන් සිදුවිය යුතු සියලු යුතුකම් අපි නිසියාකාරව කරනවා නම් එතනින් එහාට දෙයක්‌ නැහැනේ. මා කියන්නේ සේවක අර්ථසාධක අරමුදලින් වැරදි සිදුවෙනවා නම් වහාම ඒවා අපිට පෙන්වා දෙන්න කියලයි.

ප්‍රශ්නය - වසරකට කොපමණ හාම්පුතුන් ප්‍රමාණයක්‌ සේවක අර්ථසාධක අරමුදලට ගෙවීම් කරනවාද?

පිළිතුර - දැනට වසරකට 75,000 - 80,000 ක පමණ සේවා යෝජකයන් පිරිසක්‌ අපට ගෙවීම් කරනවා.

ප්‍රශ්නය - මෙම ගෙවීම් කරන සේවා යෝජකයන් ප්‍රමාණය ප්‍රමාණවත් කියලා ඔබ හිතනාවද?

පිළිතුර - නැහැ. අපිත් විශ්වාස කරනවා මෙම ප්‍රමාණය මීට වඩා වැඩිවිය යුතුයි කියා. ඉදිරියේදී අපි ඒ පිළිබඳව සොයාබලා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරනවා.

ප්‍රශ්නය - දැනට මෙම ආයතනයේ සිදුවන ව්‍යාපෘති මොනවාද?

පිළිතුර - සියලුම සක්‍රීය සාමාජිකයන්ගේ ඇඟිලි සලකුණු විද්යුත් මාධ්‍යයෙන් ලබා ගැනීම ආරම්භ කර ක්‍රියාත්මක කරමින් පවතිනවා. දැනට ලක්‍ෂ 10 ක පමණ සාමාජිකයන්ගේ තොරතුරු අපි ලබාගෙන තියෙනවා. ඉදිරි වසරේදී මෙම කටයුතු තවත් වේගවත් කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙලෙස විද්යුත් ක්‍රමයෙන් ලියාපදිංචි වූ සාමාජිකයන්ට තම ගිණුමේ ශේෂය දිස්‌ත්‍රික්‌ කාර්යාල මට්‌ටමින් බලා ගැනීමට හැකිවන අයුරින් Aඔඵ යන්ත්‍ර සවිකිරීමටද බලාපොරොත්තු වෙනවා. අපගේ එකම අරමුණ සාමාජිකයන්ට වඩා කාර්යක්‍ෂම සේවාවක්‌ සැපයීමයි.

ප්‍රශ්නය - සේවකයකුගේ කැමැත්ත මත සේවක අර්ථසාධක අරමුදල් නොගෙවා සිටිය හැකිද?

පිළිතුර - එසේ කළ නොහැකියි. ව්‍යාපාරයක එක්‌ පුද්ගලයකු හෝ සේවයේ යොදවා තිබේ නම් සේවක අර්ථසාධක අරමුදල සඳහා දායක මුදල් ගෙවිය යුතුමයි. සේවකයා එයට අකමැත්තක්‌ දැක්‌වුවද සේවයට අදාළ දායක මුදල් ගෙවීමේ වගකීමෙන් බැහැර විය නොහැකියි.

ප්‍රශ්නය - සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් දැනුවත් විය යුතු කරුණු මොනවාද?

පිළිතුර - බී කාඩ් පත සුරක්‍ෂිතව තබා ගැනීම. තමාගේ නිවැරදි නම, (උප්පැන්න සහතිකය ජාතික හැඳුනුම්පතේ සඳහන් ආකාරයට) සේවා යෝජක වෙත ලබාදීම හා එම නම අදාළ සියලුම ලියකියවිලි සඳහා භාවිත කිරීම, ඒ. බී. ඩබ්. පත්‍ර නිවැරැදිව සම්පූර්ණ කිරීමට සේවා යෝජක වෙත සහාය දැක්‌වීම. (A) ඔබේ පෞද්ගලික විස්‌තර අඩංගු තොරතුරු පත්‍රිකාව. (ඊ) ඔබේ සාමාජික සහතිකය (H). අරමුදලට බැඳෙන විටම ඒ සඳහා උරුමක්‌කාරයකු නම් කරන පෝර්මය ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිකුත් කරනවා. වාර්ෂික ගිණුම් ප්‍රකාශන සේවා යෝජකගෙන් ඉල්ලා ගැනීම සහ අදාළ තොරතුරු නිවැරදි දැයි පරීක්‍ෂාකාරී වීම. අනිවාර්යයෙන් මේ පිළිබඳව සාමාජිකයන් දැනුවත් විය යුතුයි.



මෙම ලිපියේ පුර්ණ අයිතිය දිවයින සතුය.

අද ප‍්‍රවෘත්ති


ප‍්‍රවෘත්ති එසේත් නැතිනම් පොදු ව්‍යවහාරය වන  “news” යන්න අප භාවිතා කරන්නේ ගෙවෙන තත්පරයක් පාසා රටේ හෝ ලෝකයේ මොන යම්ම ස්ථානයක සිදුවන්නා වූ අපට වැදගත් වූ තොරතුරක් දැනගැනීම සඳහාය.තොරතුරු දැන ගැනීමේ දැඩි අවශ්‍යතාවය නිසාවෙන්ම තොරතුරු දැනගැනීමට විවිධ මාධ්‍යයන් මේ වන විට බිහිවී ඇත.



මීට සුළු කලකට පෙර අප සතු වූ පුවත් දැනගැනීමේ ප‍්‍රධානතම මූලාශ‍්‍රයන් වූයේ පුවත් පත හා රේඩියෝවයි.ගමේ කඩ පිලට එක් වූ සියල්ලෝම වෑර්ලසයෙන් (wire-less)  ඇසුනු පුවත් වලට සවන් දීමට හුරු වූ අතීතයක් අපට තිබුනි. ජනයා ඉතා රුචියෙන් පුවත් අසා සිටියේ ඔවුන්ට වැදගත් වු සිදුවීම් සියල්ලම රේඩියෝව තුලින් ඔවුන්ට වැදගත් වූ සිදුවීම් සියල්ලම රේඩියෝව තුලින් ඔවුන්ට අසා දැන ගැනීමට පිළිවන් වූ නිසාවෙනa පුවත් පතක් කියවීමද ජනයාට ඒ හා සමාන වැදගත් වූ කරුණක් විය.

තොරතුරු දැනගැනීමට සහ මනස යාවත් කාලීන කර ගැනීම මෙන්ම සමාජයේ සිදුවන අවනඩු දැන ජීවත් වන අයුරු අවබෝධ කර ගැනීමට එකල මිනිසුන්ට මහත් උවමනාවක් තිබිණි.වර්තමානය වන විට පුවත් දැන ගැනීමට ඇති මාධ්‍යයන් බොහෝය. පුවත් පතෙන් ඇරඹුනු විට ගුවන් විදුලිය, රූපවාහිනිය, වෙබ් අඩවි, සමාජ ජාල වෙබ් අඩවි දක්වා එය විහිදී පැතිර යයි. අතීතයට වඩා කලින් කලට මාධ්‍යය සුභවාදී ලෙස විකාශනය වුවද පුවත් එසේත් නැතිනම් තොරතුරු වල ගුණාත්මක භාවය පිළිබඳ බොහෝ සෙයින් ගැටළු ඇත. වත්මන් මාධ්‍යය බහුතරයක් සිදුකරන්නේ ඔවුන්ට අදාල දෙයද ? යන්නත් එක්තරා ගැටළුවකි එයින් ගම්‍ය වන තවත් කරුණක් නම් පලවන පල කරන තොරතුරු වල ගුණාත්මක භාවයයි.

පුවත් වලින් අංක 1 යැයි කියා ගන්නා බොහෝ ආයතනයන්හි සමාජ ජාල වෙබ් අඩවි නිරීක්ෂණය කරන කල අද බොහෝ විට දක්නට ලැබෙන්නේ පුවත් නොව ඕපදු මලූය. ප‍්‍රසිද්ධ පුද්ගලයන්ගේ පවුල් ජීවිත තුල ඇති දෑ හාරා ඇවිස්සීම,  “Hot” යැයි කියා ගන්නා අනර්ථවත් දෑ වලින් පිරී ගිය පුවත් බොහෝය. මෙසේ ඉමහත් ආඩම්බරයෙන් පිටකරන පුවත් වෙත ජනයාගේ ලූණු ඇඹුල් සහිත ඉහළ ප‍්‍රතිචාරද ඇත. එසේ වුවද හාස්‍ය සහගත කරුණ නම් ලැබෙන ප‍්‍රතිචාර තුලින් හෝ ජනයාගේ රුචිය හඳුනාගැනීමට මාධ්‍යය ආයතනයන් අසමත් වීමයි.

සැබැවින්ම ජනයාට අවශ්‍ය කුමක්ද ? ඕපදුප නොව රටෙහි හෝ ලෙවෙහි ඇතිවන වැදගත් සිදුවීම්ය. රට ලෝකය පිළිබඳ නිවැරදි අවබෝධයක් වත්මන් සමාජයේ දරුවන් තුලද නොමැතx තේමාවෙන්  “Hot” යැයි කියා ගන්නා නීරස දෑ සමාජයට මුසු කර අනාගත පරපුරේ මොළ පුස් කිරීම මාධ්‍යයක වගකීමද? දිනෙන් දින නිෂ්ඵල  “Trend” ඇති කිරීමද?


මේ සිතන්නට කාලයයි...............