විදැස: January 2015 විදැස: January 2015 January 2015 | විදැස

මම දැකපු දේ ...... දැනුන දේ

    අද්දකිම් මෙහෙම අරම්භ කරන්නම් ,මම කොලඹ එන්නේ කුඩා කල ඇති වි තිබු අසනිප තත්වයකට ප්‍රතීකාර ගැනිම සදහායි.මට අවුරුදු හතර,පහ කාළය මතකය එතරම් පැහැදිලි නැ.නමුත් යම් යම් දේ මතක නැත්තේද නැත.මෙ කියන්නේ මා දෙක,තුන ශ්‍රේණිය ඉගෙන ගන්නා කාළයයි.මගේ පියා රජයේ සේවකයෙක් එකල ඔහු ලිපිකරුවෙක් නමුත් මට දැනුනේ ආයතනයම ඔහුගේ කියා.ගමේ නිසාදෝ එහෙම වෙන්කර හදුනා ගන්න දැනුමක් අවංකවම තිබුනේ නැ මට.කෝච්චියෙන් කොටුවෙන් බැස්සට පස්සේ සුර පුරයක් ලෙසයි හැම දේම පෙනුනේ .ප්‍රතිකාර ගත් පසුව නවාතැන් ගත්තේ බෝඩිමේ හෝ පියාගේ පන්නිපිටියේ පදිංචි හොදම මිතුරෙකු ගේ නිවෙසෙයි.ඇත්තටම ඔවුන් හොදින් සැලකුවා පවුලේ කෙනෙකුම මෙන් අදටත් එසේමයි.මෙන්ම කෘතඥ පුරකව සිහිකරනවා.කොලඹ සංස්කෘතිය මින් පෙර අත්විද තිබුනාට වඩා වෙනස් .හැසිරිම් ,කථාබහ තව බොහෝ දේ තිබුනා.මම අනුකරනය කලා සමහර හොද දේවල් ඔවුන්ගේන්.මට ගමේ යාළුවෝ හතර දෙනෙක් හිටියා .ඇත්තටම මට කොලඔ ගමන එවකට චාරිකාවකට සමානයි යළුවන් සමග සතියක් පමණ කථා කිරිමට දේ තිබුනා.ඔවුන් නානා විදියේ ප්‍රශ්න ඇසුවත් මා ලග පිළිතුරු ඇත මොකද එ කිසිවෙක් කොලඹ ගොස් නොමැත.පියාගේ තත්වය හරිහැටි තොරා නොගත් මට අනෙක් දේවල් තෙරුම් ගැනිමට හැකිය යන්න විය නොහැක්කක් නිසාවෙනි.

කෙසේ වෙතත් කාලය ගතවි සැම දේම වෙනස් වි ඇත.එදා නොවැටහුන බොහෝ දේ දැන් අවබෝධ වෙයි.සමහරක් දෙනෙක් බටහිරකරණය විමට උත්සහ දරන අතරම පුහු අටෝප බැලු බැලු තැන.බොහෝමයකගේ අක් මුල් ඇත්තේ දුර ඈත ගම්වලය.කෙසේ වෙතත් සමාජ හර පද්ධතින් විනාශ වි යන ආකාරය නම් සහතික වශයෙන්ම දැක ගත හැක.එහි ආගමික ස්ථානත් ව්‍යාපාර බවට සමහරන් පත් කොටගෙන ඇත.සාරධර්ම රැකිමට ප්‍රධාන වන ආගමික ස්ථානයත් මෙසේ වු විට සමාජයට මගපෙන්වන්නේ කවරේකුද?. සාපේක්ෂ වශයෙන් ඒකාකාරී වු සහ කල් පවතින අගනාවන් /අගය කිරිම් ,විශ්වාසයන් ,සිරිත් විරිත් ,උරුමයන් සහ පුරුදු යන එවායේ එකතුවක් වන මෙය පරපුරක් ආරක්ෂා කල යුතු අතරම ඉදිරි පරපුරටත් දායාද කිරිම අත්‍යඅවශ්‍යය කරුණකි.භෞතික සංවර්ධනයක් මෙන්ම අධ්‍යාත්මක සංවර්ධනයක්ද අවශ්‍යයයි.
මාස කිහිපයකට පන්සලකට ගිය විය මා හට දැකි වුයේ පන්සල තුල ඉදිවු දේවාල පෙලකි.එහි සියලු යාතිකා සිදුකරනු ලබන්නේද පන්සලේ භික්ෂුන් වහන්සේලා විසිනි.මම පෞද්ගලිකව විශ්වාස කරනවා එය කොහෙත්ම පන්සලකට අදාල කටයුත්තක් නොවන බවට. විශ්වාසයක් ඇත්නම් නොපෙනෙන බලවේගයක පිහිට කුමටද. බුද්ධ දර්ශනයේ මුලිකම පහදාදීමක් වන්නේ මෙයයි. බුදුන් වහන්සේගේ දේශනයන්ගේ සඳහන් වන්නේ. ඕනෑ ම දෙයක් පිළිගත යුත්තේ අනුන් පැවසූ නිසාවත්, බල කිරීමක් නිසාවත්, උන්වහන්සේම දේශනා කළ නිසාවත් නොව, තමන් සිතා බලා නිගමනයකට පැමිණ තමන්ට ඒ ගැන විශ්වාසයක් ඇත්නම් පමණක් බවයි. ශාතෘන් වහන්සේද එසේ වදාල තිබියදි මෙ සිදුකරන්නේ සාමාන්‍යය ජන ජිවිතයේ ප්‍රශ්න වානිජ මුහුණුවරක් ලබාදිම නොවේද? පන්සලෙන් විය යුත්තේ කෙනෙකු තුල විශ්වාසය ඇතිකිරිම නොවෙද ? මිනිසුන් පහසුවෙන් ම මේ වෙත ඇදී යාමට බලපාන කාරණය නම් ඔවුන්ට තමන් ගැනම විශ්වාසයක් නොමැති වීමයි. උදාහරණයක් ලෙස, මා විභාගයක් සඳහා පෙනී සිටීමට බලාපොරොත්තුවෙන් සිටින අවස්ථාවක දළඳා මාලිගාවට ගොස් පිහිට පතයි නම් හෝ දේවාලයකින් පිහිට අයදීනම් එහි අර්ථය තමන් උගත් සහ පාඩම් කළ දේ ගැන විශ්වාසයක් නැති කමයි. තමා කිරීමට බලාපොරොත්තු වන දේ ගැන විශ්වාසයක් ඇත්නම් නොපෙනෙන බලවේගයක පිහිට කුමටද?


දේවියන් සම්බන්ද කිරිමට සිටින පිරිසද මිනිසුන්ගේ දෛනික ප්‍රශ්න දඩමිමා කොටගෙන තම බඩගොස්තරය තර කරගැනිමට කටයුතු කරයි.කපු මහත්තයා දැන් දේව ගැති තුමා ,නානා විදි නම්ය.රන් කිලෝ ගණන් පැලද දේශපාලන බලපැම් ද සහිතව යහමින් වැජබේයි.සිහිතබා ගත යුත්තේ රජකම් කලත් කලකම් පලදෙනවා යන්න පමණි.දැනට දවස් කිහිපයකට පෙර අපුරු හින්දි සිනිමා පටයක් නැරඹිමට අවස්ථාවක් ලැබුනා මිතුරෙකු මාර්ගයෙන් .අමීර් ඛාන් විශිෂ්ඨ රංගනයෙන් දායක වන මෙහි නම PK ය.දෙවියන් ඇදහිම පිළිබද කථා කරන මෙවන් සිනිමා කෘතියක් රස විද නොමැත මා මින් පෙර.ඇත්තෙන්ම එය අති සාර්ථක නිර්මාණයක්.නරඹන්න ඔබම තිරණය කරන්න.
මා අසා ඇත්තේ බුදුරදුන්ගෙන් බණ ඇසිමට දෙවියන් පැමිණි බවයි.එනම් එවැනි කොඨිශයක් සිටින බව සත්‍යයකි.මෙහිදි  නොපෙනෙන බලවේග නැතැයි කිමටද නොහැක මක් නිසාදයත් විද්‍යාවට හසුකරගත නොහැකි බොහෝ දේ තමාත් පෘතුවි තලය මත අභිරහස්ව පැවතිමයි .
මිලගට දෛවඥයන් ගැනත් සටහනක් නොතිබ්බොත් එකත් අඩුපාඩුවක් . කොසොල් රජතුමා විසින් විවිධාකාර සිහින 16ක් දැකීමෙන් පසුව ඒවාට ආදාල සිහින ඵලාඵල විමසීම සඳහා මුලින්ම බමුණන් කැඳවනු ලැබුවේය. බමුණෝ එම සිහින දහසයම කොසොල් රාජ්‍යයට ඉතාමත් අශුභ බව සඳහන් කර ඒ සඳහා සතුන් විශාල ප්‍රමාණයක් මරා බිලි පූජා සහිත යාගයක් කළ යුතු බවට රජුට උපදෙස් දෙති. එනමුත් කොසොල් රජු බුදුරජාණන්වහන්සේ හමුවටද ගොස් තමා දුටු සිහින 16 ගැන විස්තර උන්වහන්සේට පැවසීය. බුදුරජාණන්වහන්සේ එම සිහින 16ට අදාල අනාගත නිමිති එකනෙක රජුට පැහැදිලි කරමින් ඒවා කොසොල් රජුගේ රාජ්‍යකාලයේදී සිදුනොවන කාරණා බවත්, තවද ඒවා අනාගත කාලයේ පාලකයන්ගේ සහ ජනතාවගේ චර්යාව පිරිහීමෙන් සිදුවන දේ බවත් වදාල සේක.

ඒ කාලය වගේම තමා මේකලයත් කිසිදු වෙනසක් නැ.පෞරාණික ජොතිෂ්‍යය ශාස්ත්‍රයක් තිබේන බව පිළිගත යුතුය.කෙසේ වෙතත් වත්මන් සමාජය තුල මාධ්‍යය තුලින් විශාල චරිත කොට පෙන්වයි.උදැසන කාලය තුල කෙන්දර ,තෙල් බෙහෙත් ,වලම්පුරි නානාවිද දෑය.මෙවා දකින ගෘහනිය දෙලෝවක් අතර තනිවෙයි.තම ස්වාමිපුර්ෂයා දුක් මහන්සියෙන් සොයන තුට්ටු දෙක දිය වියයි.මේ සම්බන්ද තවත් බොහෝ දැ අපි දන්නෙමු.නමුත් මිනිස් චර්යාධර්ම පාලනය කල නොහැකි නිසා සදහන් කිරිම අනවශයයි.තමන් බුද්ධිමත් විය යුතුයි නිවරදි දේය තෝරා ගැනිමට.
පසුගිය ජනාධිපති තොරා පත්කර ගැනිම කතන්දරය තුල  ජොතිෂ්‍යය විශාල ලෙස බලපැම් කලා යන්න සැවොම දන්නා රහසකි.අනාවැකි පළ කල පුද්ගලයින් අනාවැකි අසාර්ථක විමෙන් පසු මම නිසකවම දැන සිටියා අසාර්ථක වන බව ,නැ හිසට වෙඩි තියාගන්නේ නැ මම එය ප්‍රකාශ කලේ ජනතාව දිරිගන්නනඇත්තෙන්ම මෙවා අප්‍රප්බ්‍රන්ස .අපේ රටේ ලොකුවට දෙයක් දුටු විට රට වට්ටක්කා රට පැපොල් ආදි වශයෙනුයි හදුන්වන්නේ මට සිතෙන්නේ මෙවා රට කුණුහරුපය .මාධ්‍යය තුලින් පිම්බු චරිතය .තම වැරැද්ද නිහතමානිව පිළිගැනිමට නොහැකි බාල ගති ඇති තැනැත්තොය.


මෙ හැම දෙයක් අවසානයේදි මට දැනුනේ ඔනැවට වඩා ඔනම දෙයක් ඔනේම නැත.සමාජය විෂමය .දිනෙන් දින සමාජ සෝදා පළුවත් සමග බුද්ධියෙන් තින්දු තිරණ ගත යුතුය.