විදැස: අද ප‍්‍රවෘත්ති අද ප‍්‍රවෘත්ති | විදැස

අද ප‍්‍රවෘත්ති


ප‍්‍රවෘත්ති එසේත් නැතිනම් පොදු ව්‍යවහාරය වන  “news” යන්න අප භාවිතා කරන්නේ ගෙවෙන තත්පරයක් පාසා රටේ හෝ ලෝකයේ මොන යම්ම ස්ථානයක සිදුවන්නා වූ අපට වැදගත් වූ තොරතුරක් දැනගැනීම සඳහාය.තොරතුරු දැන ගැනීමේ දැඩි අවශ්‍යතාවය නිසාවෙන්ම තොරතුරු දැනගැනීමට විවිධ මාධ්‍යයන් මේ වන විට බිහිවී ඇත.



මීට සුළු කලකට පෙර අප සතු වූ පුවත් දැනගැනීමේ ප‍්‍රධානතම මූලාශ‍්‍රයන් වූයේ පුවත් පත හා රේඩියෝවයි.ගමේ කඩ පිලට එක් වූ සියල්ලෝම වෑර්ලසයෙන් (wire-less)  ඇසුනු පුවත් වලට සවන් දීමට හුරු වූ අතීතයක් අපට තිබුනි. ජනයා ඉතා රුචියෙන් පුවත් අසා සිටියේ ඔවුන්ට වැදගත් වු සිදුවීම් සියල්ලම රේඩියෝව තුලින් ඔවුන්ට වැදගත් වූ සිදුවීම් සියල්ලම රේඩියෝව තුලින් ඔවුන්ට අසා දැන ගැනීමට පිළිවන් වූ නිසාවෙනa පුවත් පතක් කියවීමද ජනයාට ඒ හා සමාන වැදගත් වූ කරුණක් විය.

තොරතුරු දැනගැනීමට සහ මනස යාවත් කාලීන කර ගැනීම මෙන්ම සමාජයේ සිදුවන අවනඩු දැන ජීවත් වන අයුරු අවබෝධ කර ගැනීමට එකල මිනිසුන්ට මහත් උවමනාවක් තිබිණි.වර්තමානය වන විට පුවත් දැන ගැනීමට ඇති මාධ්‍යයන් බොහෝය. පුවත් පතෙන් ඇරඹුනු විට ගුවන් විදුලිය, රූපවාහිනිය, වෙබ් අඩවි, සමාජ ජාල වෙබ් අඩවි දක්වා එය විහිදී පැතිර යයි. අතීතයට වඩා කලින් කලට මාධ්‍යය සුභවාදී ලෙස විකාශනය වුවද පුවත් එසේත් නැතිනම් තොරතුරු වල ගුණාත්මක භාවය පිළිබඳ බොහෝ සෙයින් ගැටළු ඇත. වත්මන් මාධ්‍යය බහුතරයක් සිදුකරන්නේ ඔවුන්ට අදාල දෙයද ? යන්නත් එක්තරා ගැටළුවකි එයින් ගම්‍ය වන තවත් කරුණක් නම් පලවන පල කරන තොරතුරු වල ගුණාත්මක භාවයයි.

පුවත් වලින් අංක 1 යැයි කියා ගන්නා බොහෝ ආයතනයන්හි සමාජ ජාල වෙබ් අඩවි නිරීක්ෂණය කරන කල අද බොහෝ විට දක්නට ලැබෙන්නේ පුවත් නොව ඕපදු මලූය. ප‍්‍රසිද්ධ පුද්ගලයන්ගේ පවුල් ජීවිත තුල ඇති දෑ හාරා ඇවිස්සීම,  “Hot” යැයි කියා ගන්නා අනර්ථවත් දෑ වලින් පිරී ගිය පුවත් බොහෝය. මෙසේ ඉමහත් ආඩම්බරයෙන් පිටකරන පුවත් වෙත ජනයාගේ ලූණු ඇඹුල් සහිත ඉහළ ප‍්‍රතිචාරද ඇත. එසේ වුවද හාස්‍ය සහගත කරුණ නම් ලැබෙන ප‍්‍රතිචාර තුලින් හෝ ජනයාගේ රුචිය හඳුනාගැනීමට මාධ්‍යය ආයතනයන් අසමත් වීමයි.

සැබැවින්ම ජනයාට අවශ්‍ය කුමක්ද ? ඕපදුප නොව රටෙහි හෝ ලෙවෙහි ඇතිවන වැදගත් සිදුවීම්ය. රට ලෝකය පිළිබඳ නිවැරදි අවබෝධයක් වත්මන් සමාජයේ දරුවන් තුලද නොමැතx තේමාවෙන්  “Hot” යැයි කියා ගන්නා නීරස දෑ සමාජයට මුසු කර අනාගත පරපුරේ මොළ පුස් කිරීම මාධ්‍යයක වගකීමද? දිනෙන් දින නිෂ්ඵල  “Trend” ඇති කිරීමද?


මේ සිතන්නට කාලයයි...............
0 Comments
Disqus
Fb Comments
Comments :

No comments:

Post a Comment

ඔබගේ අදහසත් එක් කරන්න