
පුරුෂාර්ථ , සෑම රටකට , ජාතියකට ම අයත් ව වෙන් වෙන් ව පවතී . යම් විටක
පුරුෂාර්ථයන්
එම
රටේ
, ජාතියේ
අනන්‍යයතාවය ප්‍රබල ලෙස
හුවා
දැක්වීමට ද
සමත් වේ
. චිරාත්
කාලයක
පටන්
අප
රට
තුළ
සාරධර්ම
මනා
ළෙස
ස්ථාපිතව
තිබිණි
. එයට
ප්‍රධානතම
හේතුව
වන්නේ
අප
සමාජයේ
මූලික
පදනම
සැකසුනේ
ගමයි
, පන්සලයි
,වැවයි,දාගැබයි පෙරමුණු කොට ගෙන වූ නිසා වෙනි . සැබවින්ම සාරධර්ම අප අතරට එන මූලාශ්‍ර සමාජානුයෝජනය ආයතන කිහිපයකි ඒ පවුල , පන්සල , පල්ලිය , කෝවිල , වැනි ආගමික ආයතනයන්ය .
යම් පුද්ගලයෙකුගේ පුරුෂාර්ථ යන්ට
අනුකූල
හැසිරීමට
බලපාන
රේඛීය
සාධකය
වන්නේ
කුටුම්බය
හෙවත්
පවුලයි
. මනා
හික්මීමකින්
යුත්
පවුල්
සංස්ථාවක
හැදී
වැඩෙන
දරුවා
සාරධර්ම
නම්
අවි
ආයුධ
වලින්
සන්නද්ධ යුධ සෙබළෙකු වැනිය . එවිට ඔහුට හෝ ඇයට සමාජයේ පිළිගත් චරිතයක් බවට වැඩි කලක් ගත නොවනු ඇත.නමුදු මෙහි පරස්පර තත්වය විමසා බැලීම ද ඉතා අගනේය . යම් පුද්ගලයෙකු සාරධර්ම හීන පවුල්ස්ංස්ථාවක්
තුළ
හැදී
වැඩේනම්
සමාජයේ
බෙලහීන
කොන්
වූ
පුද්ගලයෙකු
බවට
පත්වීමට
වැඩිකලක්
ගතවන්නේ
නැත
. විටෙක
පවුල්
සංස්ථාව
කෙසේ
වූවත්
තම
දැනුමට
අනුව බුද්ධියෙන් විමසා බලා යහපත් දිවි පෙවෙත් හුරු කර ගත්තෝ ද නැතුවාම නොවේ .
සාරධර්මයන්ගෙන්
පරිපූර්ණ
වූ
පුද්ගලයෙක්
සමාජය
තුළ
දිවි
ගෙවීමේදී
ඔහුට
සමාජයෙන්
ලැබෙන්නාවූ
ප්රතිචාරයන් පිළිබද විමසා බැලීම වැදගත්ය . යමෙක් සාරධර්මයන්ගෙන්
පරිපූර්ණ
නම්
සමාජයේ
යම්
පිළිගත්
තැනැත්තෙක්
බවට
පත්වේ
. එමෙන්ම
සාරධර්ම
ගුණධර්ම
මිනිසාට
මෙතරම
වැදගත්
වන්නේ
කුමක්
නිසාද
යන්න
ඉතා
වැදගත්
වේ
. මිනිසා
තිරිසන්
සතාගෙන්
වෙන්වී
පෙනෙන්නේ
මානසික
හා
සාමාජීය
අතින්
මිනිසා උසස් වන හෙයිනි. සාරධර්ම තුළින් සිදු වන්නේ මිනිසා තුළ සදාචාරමය වෙනසක් ඇතිකරලීමය එහෙයින් අප සමාජයේ ජීවත් වීමේදී පුරුෂාර්ථ ඉතා අගනේය .

පවුල තුළ ආදර්ශමත් චරිත ලෙස දෙමව්පියන් තම දරුවන්ට සාරධර්ම උගන්වන පූර්වාචාරීහූ වෙති . නමුත් අද පූර්වාචාරීන් බවට පත්ව ඇත්තේ දරුවන්ය . වැඩිහිටියන් සාරධර්මයන්ගෙන්
දුරස්
වී
හමාරය
. මේ
සදහා
පිළියම්
යොදා
රට
ජාතිය
සමාජය
බේරා
ගැනීමටද
හැකියාව
ඇත්තේද
අපටමයි
. වත්මනෙහි
ඇත්තේ
සාරධර්ම
හීන
වී
ගිය
ධනවාදී
සමාජ
ක්‍රමයක්ය යන්න පැවසීමද සාධාරණය . “එදිරිවීර සරත්චන්ද්‍ර ශූරීන්” ඔහුගේ “ධර්මිෂ්ඨ සමාජය” කෘතියේ මෙසේ සාරධර්ම හීන සමාජය පිළි දව දක්වා ඇත . “කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා අද විතරයි සොමිය අත්තෙ හෙට නැති වෙනවා” එමෙන්ම සාරධර්ම පාවා දෙන ධනය පිටුපස හඹායන සමාජය පිළිබඳ “ලූෂන් බුලත්සිංහලයන්” මෙසේ තම “තාරාවෝ ඉගිලෙති” නාට්‍යයෙන් දක්වා ඇත . “එලිපිට ඇත් අවකෙලි ..... කිසිවෙකු දඩුවම් නොකරන්නේ”
මේ සියළු කරුණු සැලකුව විට කල කළ වර්තමානය වනවිට සමාජය සිටින්නා වූ ස්ථාවරය පිළිබදව නිර්ණය කර ගැනීමට හැකියාව ලැබේ , මේ සදහා අපට කුමක් කළහැකි වන්නෙද යන්න සොයා
බැලීම
වැදගත්වේ
. සමාජයේ
යම්
යම්
සාරධර්ම
සමාජානුයෝජනය මය ආයතන මගින් ආදර්ශවත් චරිත නිර්මාණය කිරීම යුගයේ අවශ්යයතාවයකි . කුඩා දරුවාගේ පටන් සාරධර්ම පිළිබඳ යම්කිසි අධ්‍යාපනයක් ලබා දීම සිදු කළ යුතු ය .සමාජයේ ජීවත් වන ආදර්ශමත් චරුතයන්ගේ මගපෙන්වීම තුළින් සමාජය තුළ සාරධර්ම ස්ථාපිත කිරීමේ ක්‍රීයාවලියක් ආරම්භ කල හැක. තවද මෙය නිවරදි මග පෙන්විම
හා ස්වයං අවබෝධය අවැසි ය මක්නිසාද යත් මෙවා බලෙන් පෙවීමට නොහැකි බැවිනි .
.කෙසේ වෙතත් සමාජය තුළ පුරුෂාර්ථ ස්ථාපිත කිරීමට අප යුහුසුලු නොව්න්නේ නම් දරුණු ඛේදවාචකයකට මුහුණ දීමට සූදානම් වී අප පෙරමං බලා සිටිය යුතුය . පුද්ගලයාත් සමාජයත් යා කරන යදමක් බදු පුරුෂාර්ථ නැතිනම් සාරධර්ම රැක ගනිමින් අනාගත රට ලෝකය ආරක්ෂා කර ගැනීම අප සතු උදාර යුතුකමකි, වගකීමකි.
සාරධර්ම පුරුදු පුහුනු කල යුත්තේ වැඩිහිටියන් ය. වැඩිහිටයා ආදර්ශමත් දිවිපෙවෙතක් නොගෙවීම නිසා හෙට ලොවට නායකත්වය දීමට සිටින ලදරුවා අසරනය.මේ සදහා විකල්පයක් පේන තෙක් මානයේ නැත. එවන් යුගයක තමනට හැකි අයුරින් මෙවැනි ලිපියකින් හෝ කිති කැවීමක් කිරීම කාලෝචිතය.
ReplyDeleteස්තුතියි !!
ReplyDeleteපිරිහීමෙන් ගිණියම් වූ සමාජය යළි ගොඩනැගිමට මෙවන් සිරිපොද වැස්ස ද වටිනේ ය.
ReplyDelete