විදැස: කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක්මානේ..... කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක්මානේ..... | විදැස

කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක්මානේ.....


අපේ ගමේත් අස්වැන්න නෙලන කාලයයි මේ.හිතුවා පින්තුර ටිකක් සමග මේ ගීතය ඉදිරිපත් කරන්න. 

කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක්මානේ
මන බැන්දේ ඉන්දේ සුව පහසේ වාසේ ගම්මානේ

වෙල් යායේ දොළ පාරේ නිල්වන් ජලාසේ
ගං තීරේ ගුරු පාරේ සිරි දෙව් සිනාවේ
ඒ මව් තුරුල්ලේ සුරූපී යොවුන් ලාලනී
සංකේත වූ වාසනාවේ... ගම්මානේ...

ඇල් හේනේ රුක් සෙවනේ ගෙපලේ විහාරේ
පූජාවේ බෙර නාදේ ගැමිගීත රාවේ
මා පුංචි කාලේ ලෑබූ ආදරේ සුන්දරත්වේ
යයිදෝ නවෝදෙන් මැකීලා... ගම්මානේ...


ගායනය - රෝහණ බැද්දගේ










ගීතය අසන්න .....................


0 Comments
Disqus
Fb Comments
Comments :

No comments:

Post a Comment

ඔබගේ අදහසත් එක් කරන්න