විදැස: 2013 විදැස: 2013 2013 | විදැස

අම්මා නම් ඇය

මසක් කුසහොවා දරුවකු වැදූ පමණින් කාන්තාවකට මවක විය නොහැක . දරුවකු මෙලොව බිහිකළ  මොහොතේ සිටම   තම ස්නේහය දරුවා වෙනුවෙන් පුදමින්  දිවි ඇති තෙක් දරුවන් වෙනුවෙන් කැපවී සිටින තැනැත්තිය මව , අම්මා වන්නී ය .

          කුසෙහි දරුවන් නොවැදූවත් උත්තරීතර වූ මාතෘ ස්නේහයක් හිමි මව්වරුන් ලොව ඇත. සියල්ලෝම ගරු කරන  හිස  නමා වදින උතුම් කාන්තාව මව් තුමියයි. ජීවිතයේ අනේක දුක් කම් කටොළු මැදින් සෙනෙහස පුදන්නියද ප්‍රාසාද , මන්දිර යන්හී  දරුවන් තනන්නියද මව වේ .

          අම්මා නමින් අමතන ඇය සතු වටිනාකම මැනීමට මිම්මක් ලොව තවමත් පහළ වී නොමැත . ආදරය, දයාව, කරුණාව තම දරුවාට මෙන්ම අනිත් දරුවන් හටද ලබා දීමට තරම් ඇය නිර්ලෝභීය . මහගම සේකරයන් ප්‍රබුද්ධ කාව්‍ය නිර්මාණයෙහි අම්මා පිළිබද මෙසේ සදහන් කර ඇත .

අඩන විට මා කුඩා අවදියෙහි බඩගිනිව
තම්බා බතල දළු
ලුණු දියර ඉස
පොල් හා මුසු කොට කවා
බඩගිනි නිවූ අම්මා ඔබය

තම දරුවා පිළිබද අපරිමිත ස්නේහයක් හිත තුළ දරා සිටින මව නිරතුරු වෙහෙසෙන්නේ දරුවාගේ අභිවෘද්ධිය  වෙනුවෙන් ය .කුස ගින්න දරුවාට දැනෙන්නට නොදී දරුවා පෝෂණය කිරීමට ඇයට වුවමනාය ,  දුගී පැලේ මව තම දරුවන් වෙනුවෙන් කැප වෙන්නා සේම මන්දිර , සැප සම්පත් සහිතව දිවි ගෙවන මව කැප නොවූවත් දෙදෙනාගේම සෙනෙහසෙහි වෙනසක් අඩුවක් කිසි විටකත් සිදු නොවේ .  
කෙසේ වෙතත් ලාංකික ජන සමාජය තුල මාතෘත්වයට  අතිශය පිළිගැනීමක් භක්තියක් ඇත .  රට තුළ සිටින සියල්ලෝම අත මිට සරු වූවෝ නොවෙති . දරිද්‍රතාවය නැමැති කුරිරු වර්ෂාවේ තෙමෙන්නෝ බොහෝයි .. එදා වේල හම්බ කරගෙන දරුවන් පෝෂනය  කරනුයේ කරදර බාධා අවහිරද සමගිනි , ලෙඩක් දුකක් හැදුනත් දරුවා විදින වේදනාවට වඩා වෙදනාවක් ඇය සිතින් ගතින් විදියි .  කෙසේවෙතත් නිවසේ මව මෙය සියල්ල එක සිතින් දරා ගනී . දරුවන් කුසගිනිව හඩන විට  ඇගේ සිත ඊටත් වඩා හඩකින් හඩා වැටේ . මාතෘත්වයේ උදාරත්වය, පරිත්‍යාගශීලි බව යනු එයයි. එහෙත් බොහෝමයක් මව්වරු තම දරුවන් පවුල වෙනුවෙන් දිවි කැප කරද්දී අවාසනාවකට අතලොස්සක් මව්වරු දුක් පීඩා ඉවසාගත නොහී දරුවන්ද සමගින් දිවි හානි කරගන්නට පෙළබෙති මෙය ඉතා මෑතකදී ඇති වූ ප්‍රවණතාවයකි.

මවක යනු ජීවිතයේ අනේක දුක්ඛ දෝමනස්සයන් එක සිතින්  දරා ගන්නා අක්ම්පිත වස්තුවකි .  ඇගේ ජීවිත පරිත්‍යාගය ඇරබෙන්නේ දරුවා කුස තුළට ආ මොහොතේ සිටය . ඇගේ වදන්, කෑම, බීම් , සිතුම් පැතුම් , මේ ආදී සියළුම දේ එතැන් පටන් වෙන්වන්නේ දරුවා වෙනුවෙනි . ඇය දරුවා නළවන මොහොතේදී පවා ගයන නැළවිළි ගීයේ සිටම ඇයත් දරුවාත් අතර  මනා සබදතාවයක් ඇති කර ගනී. රන්බණ්ඩා සෙනෙවිරත්නයන් ඔහු දුටු මව මෙසේ සදහන් කර තිබේ .

දවසක් පැල නැති හේනේ
අක්කාල මහ වැහි වැස්සා
තුරුලේ හංගාගෙන  මා
ඔබ තෙමුනා අම්මේ

මෙහිදී ඔහු පැල නැති  හේන ලෙසින් හගවන්නේ   පියා නොමැතිව යන්නයි , මෙහි ඇති සරළ අදහස නම් පියාද  නොමැතිව තමා (මව) තනිවම දරිද්‍රතාවය නැමැති අකල් වැස්සෙන් තම දරුවා බේරාගෙන තමා තනිව සියල්ල එක සිතින් විද දරා ගත් බවයි. මවගේ කැප කිරීම දයබරත්වය සෙනෙහස නිම්හිම් නැති අහසටද සම කළ  නොහැක  . දිවි කතරේ සැරි සරන්නට සහන් එළිය වන මව ජීවිතය දුටු අයුරු සේකරයන්ගේ අම්මා කාව්‍යයෙන්ම මෙසේ උපුට ගනිමි .

‘ නොදත්තෙමි මම එකළ
අම්මේ ඔබේ වත කැටපතක් බව
මෙකළ මා සිත පිළිබිබු කරන
ගිලී යට් ගිය ඇස් කුහර තුළ
නොදුටුව්මි කිසි විටෙක සතුටක්
නොදුටුව්මි කිසිවිටක දුකකුත්
ඉවසා සම සිතින් සැම සැප දුක්
ලැබුවද ඔබ සිතෙහී සාමයක්? 
ඉපයූවෙමි මිල මුදල්
ඉපයූව්මි කිතු යසස්
වීය මන්දිර යාන වාහන
එහෙත් ඒ කිසිවකිනුත්
නොලදිමි සිත සැනසුමක්
වටහාගෙන සිටියාද ඔබ ඒ සත්‍යය
නොලබාම ඔබ ඒ කිසිවක් ?’


මවකගේ ඇති දයාබරත්වයෙන් ලබැදියාවෙන් කළ නොහැක්කක් නැත ඒ උත්තරීතර වූත් පූජනීය වූත් වස්තුව රැක ගැනීම දරුවන් සතු යුතුකමකි වගකීමකි එමෙන්ම කෘතගුණ සැළකීමකි.         


යහපාලනය හා අපි



‘‘ යහපාලනය ’’ නිමක් නොමැතිව කථාබහට ලක්වන වචනයකි . නමුත් අතලොස්සක් හැරුනුකොට මෙය කුමක්ද යන්නවත් තවත් පිරිසක් නොදනිති .අවශ්‍යය ද නැත ඔවුනට.නමුත් ඔබ මේරටේ වඟකිව යුතු පුරවැසියෙකි.සෑම දෙයක් ගැනම දැනගැනීම වැදගත්ය .උදාහරණයක් ලෙස නීතිය ගනිමු ,සැබැවින්ම නීතිය යනු  හුදු  විෂයක්ම නොවේ . සමාජයේ වෙසෙන සෑම තරාතිරකම පුද්ගලයින් නීතිය පිළිබඳ ප්‍රමාණාත්මක දැනුමක් අවැසිය මක් නිසාද යත් නීතිය නොදැන සිටිම අධිකරණයේදි සමාවට කරුණක් නොවිමත් , වර්තමාණ  සංකීර්ණ තරගකාරි සමාජය තුල තමන්ගේ අභිවෘද්ධිය නිසි ලෙස සලසා ගැනිමට සෑම පුද්ගලයකුටම දැනුමක් අත්‍යවශ්‍යය විම ආදි හේතු කාරනා දැක්විය හැකිය.


     යහපාලනය යන්නෙන් අදහස් වනුයේ පාලනයේ ගුණාත්මක බවයි .ප්‍රජාතන්ත්‍රවාදි රටක යහපාලනය පවතිනුයේ රජය ,‍පෞද්ගලික  අංශය හා සිවිල් සමාජය යන අංශ තුනේම පවතින අන්තර් සම්බන්දය මතයි . පෞද්ගලික  අංශය ආර්ථික වර්ධනයේ එන්ජිම ලෙස සැලකුවහොත් රියදුරා වනුයේ රාජ්‍යය අංශයයි .එයින් වඩාත් එල ලැ‍බෙනුයේ සිවිල් සමාජයටයි .එයින් ප්‍රත්‍යයක්ෂ වන කරුණ නම් රාජ්‍යය අංශය හා  පෞද්ගලික  අංශයේ මනා සම්බන්ධිකරණය කාර්ය්‍යක්ෂම විම එලදායිවිම සිවිල් සමාජයට නැතහොත් සමස්ථ රටටම වැදගත් වන බවයි.

1990 ගණන් වලදි ජාත්‍යාන්තර සංවිධාන විසින් සංවිධාන විසින් යහපාලනය ගැන අදහස් ඉදිරිපත් කර ඇත .ලෝක බැංකුව සහ එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහන මෙම සංකල්පය ඉදිරිපත් කල අයතන අතරින් ප්‍රමඛතාවය ගනි.ලෝක බැංකුව විසින් යහපාලනය නිර්වචනය කර ඇත්තේ ‘‘සාමාජීය කටයුතු හා ගැටලු කළමණාකරනය කිරිම සඳහා ආයතනික සම්පත් දේශපාලන බල අධිකාරිය භාවිතයට ගැනිමේ ක්‍රීයාවලිය ලෙසයි  ’’ රටක් හෝ සංවිධානයක් තීරණ ගැනිමේදි , අනුගමනය කලයුතු මුලධර්ම කිහිපයක් යහපාලන සංකල්පය තුල ඉදිරිපත් කර ඇත.මෙම සංකල්පය රාජ්‍යය පාලනයෙදිත් ,ව්‍යාපාර පාලනයේදීත් සහ සිවිල් සාමාජ සංවිධාන පාලනයේදිත්  වැදගත් වන බව පෙන්වා දි ඇත.එම මුලධර්ම විග්‍රහ කර බැලිමේදි පෙනි යන්නෙ රටක් ආයතනයක් පාලනය කිරිමේදි සහ ජනතා සුබසෙත සඳහා මෙම මුලධර්ම ඉතා වැදගත් වන බවයි.එවා පහත පරිදි වේ .


දැක්ම
රජයකට දැක්මක් තිබ්ය යුතු අතර එම දැක්ම සිවිල් සමාජය හා පෞද්ගලික  අංශය යන දෙකොටසටම අතර බෙදා ගත යුතුය .ඔනැම රටක මෙම දැක්ම මත සකස් වු උපායමාර්ගික සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරිමෙන් සංවර්ධන ඉලක්ක කරා ලඟා විය හැකිය .මෙම දැක්ම මත සකස් කරන ලද වැඩසටහන් ක්‍රියාත්මක කිරිම ට කැපවිම රාජ්‍යය නිලධාරින්ගේ වගකිමක් වන අතරම යුතුකමක්ද වේ .

සාධාරණත්වය
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව සැම පුරවැසියකුටම සම අයිතිවාසිකම් හිමිවේ.කිසිම පුරවැසියකුට වර්ගය ,ආගම,භාෂාව ,කුලය ,ස්ත්‍රී පුර්ෂ බෙදය, දේශපාලන මතය ,හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර හේතුවක් මත වෙනස් කමකට හෝ විශේෂිත භාවයකට භාවිත නොවිය යුතුය .සියලුම කාන්තාවන් පුර්ෂයින් බෙදයකින් තොරව ඔවුන්ගේ සුබ සිද්ධිය උදේසා අවස්ථාවන් ලබා ගැනිමට වැඩි දියුණු කරගැනිමට හැකියාව තිබිය යුතුය .උදාහරණයක් ලෙස අවස්ථාවන් ලබාගැනිමේ හැකියාව ඉහත සදහන් කිසිම සාධකයක් මත නොහැරිය යුතුය .අධ්‍යාපනය සදහා සම අවස්ථා රැකියා පහසුකම් , වෙළෙදපල භාවිතය සම්පත් භුක්ති විදිමේ අයිතිය ආදි සැම අවස්ථාවක් සදහාම සම අවස්ථාවන් තිබිය යුතුය.

ඉතිරි කොටස තවත් ලිපියකින් බලාපොරොත්තු වන්න

ගෝල සිතුවිල්ල හා එහි යථාර්තය



ථාර්ථය දනවන පැදි පෙලකි. මෙම පද්‍ය පාසල් පෙල පොතකින් උපුටා ගත්තෙමි.මෙහි හාස්‍යය මෙන්ම ඉට එහා ගිය යමක් කියවේ .මෙහි සඳහන් ගුරුතුමන් හට එම වයසේ ඔහුට ඔහුගේ ගෝලයා ගෙන් නිරායාසයෙන් හිමිවිය යුතු ගරුබුහුමන් හිමි නොවේ .ඊට හේතු එහි මානාව පැහැදිලි වේ.ඇත්ත වශයෙන් මෙය සංවාදයට බදුන් විය යුතු මාතෘකාවකි. දක්ෂ සිිසු පිරිස සමග ඉදිරියට ඇදෙන ගුරුවරු නියමිත දැනුම මට්ටමට ලගා නොවු (අදක්ෂ)සිසු පිරිස වෙත යොමුකරන අඩු අවධානය නිසා ඔවුන් තවත් ඒ අගාධයටම ගමන් කරන අතර පසු කාලෙක සාමාජට වෛර කරයි.මෙහිදි මෙවැනි ගුරුවරු කුලකය ගැන පමණක් සාකච්චා කරන අතර එය පැහැදිලිවම අවධාරණය කරමී. වර්ථමානය තුල මෙය සිදුවිමට හේතු වශයෙන් මා දකින්නෙ , ගුරුවරුන්ගේ අමතර පන්ති.එහිදි ඊලග වර්ෂයේ තම අමතර පන්තියේ පිරිස වැඩිකරගැනිමේ අරමුණින් දැනට පන්තියේ සිටින දක්ෂයින් සමග ඉදිරියට යයි . පසුව ලැබු ප්‍රතිඑල භාවිතා කර අත්පත්‍රකා මුද්‍රණය කර ප්‍රචාරණය කරයි .එහිදිද දැනුම මට්ටමට ලගා නොවු ශිෂ්‍යා හට හිතු තරම් යහපත් ප්‍රතිඑලයක් නොලැබේ .ආදාල ගුරුවරයාට පාසලේ රැදි සිටිමේ අවශ්‍යයතාවට හා පාසලේ කීර්තිය යන සාධක ද බලපායි .මෙවා කෙසේ වෙතත් ශිෂ්‍යාගේ උනන්දුව උත්සහය ධෛර්ය ඉහල මට්ටමක පැවතිම අනිවාර්යයි .මක් නිසාද යත් කිසි කෙනෙකුට උගැන්විය නොහැකි නිසාත් හැක්කේ අවබෝධ කරලීමට උත්සහ ගැනිම පමණක් වන නිසාය . පැදි පෙළ පහතින් වේ .

නටපුදෙන් එළවළු බක්කිය ලඟ හිටගෙන
කියපුදෙන් ඔන දෙයක් මං ගැන
පැනලා නොකියමි හදුනනකම
විස්තර නොකරමි !ගුරුගෝලකම

මතකයි ඇදපු හැටි යටි බ‍‍ඩෙන්
කොනිත්තා බුරිය ළඟ හමෙන්
තියපු හැටි ගිණි අව්වේ දනින්
ගහපු හැටි ඇඟිලි පහ උඩට අඩිකෝදුවේන්

තලන්නටම හිතාගෙන වේවැලක් ගෙන
මුහුණෙ සිනාවක් , තෙතක් , දයාවක් නොමැතිව
එදා දේවදත්තයා ලෙස පැමිණි මොහු
දැන් වියපත්ය ! පැන්ෂන්ය ! තැන්පත්ය

මොළේ ඇති එවුන්ටම වරුණනා කොට
උන්ටම ලකුණු දී සම්මාන දී
මං වගේ දුර්වලයන්ට තලා පෙලා හිංසා කොට
පාසල අපායක් කල මොහු
නුඹ නිසා තිත්ත වුණි මට පාසල් යෑද
නැවැතුනෙමි ගෙදර හඩ හඩා
අන්තිමේදි ගියමි තත්තා ගිය මඟ
ටවුමේ එළවලු විකුණන්නට

නුඹ ද නු‍‍ඹේ දක්ෂ අදක්ෂ ගෝලයන් සැවොමද
දැන් නිතර එති මා ලඟට මගේ ක‍ඩයට
එදා බැරි වු ගණන් දැන් පෙන්වමි නුඹලා සැමට
කීරා දෙමි පන්සීය හාරසීයට 


..............................................................................

සමාජ යහ පැවැත්ම හා පුරුෂාර්ථ



පුරුෂාර්ථ , සැබවින්ම මින් අදහස්  කෙරෙන්නේ කුමක් ද යන්න විග්‍රහ කොට බැලීම අන් සියල්ලටම වඩා වැදගත් . පුරුෂාර්ථ යන්නෙහි මූලික සරළ අදහස වන්නේ අපට නිතර දෙවේලේ අසන්නට ලැබෙනසාර ධර්මයන්නයි. මිනිසුන් වශයෙන් අප මේ මිහි මත වාසය කරන විට දී සාරවත් වූත් යහපත් වූත් ක්‍රියා පිළිවෙත් අපට අත්‍යවශ්‍ය ය . සැම පුද්ගලයෙකුට ම   සමාජීය ජීවිතයක් පවතින අතර  එසේ සමාජ ගතව ජීවිකාව ගෙවන විට දී සාරධර්ම යන්න කෙතරම් වැදගත් ද යන්න නිර්ණය කළ නො හැක . ලාංකිකයින් වශයෙන් අප හට සාරධර්ම අතීතයේ සිට  ඉතා ම සමීපව පවතින වටිනාම අංගයක් .කුඩා කළ සිට අප නිතර දෙවේලේ ඉබේටම හුරු වූ සාරධර්ම ඇත , එනම් දෙමව්පියන්ට , ගුරුවරුන්ට , වැඩිහිටියන්ට සැලකීම , අන්යන්ට ගරු කිරීම , කළ ගුණ සැලකීම , වැනි දේයි
          පුරුෂාර්ථ , සෑම රටකට , ජාතියකට ම අයත් ව වෙන් වෙන් ව පවතී . යම් විටක  පුරුෂාර්ථයන් එම රටේ , ජාතියේ අනන්‍යයතාවය ප්‍රබල ලෙස හුවා දැක්වීමට ද සමත් වේ . චිරාත් කාලයක පටන් අප රට තුළ සාරධර්ම මනා ළෙස ස්ථාපිතව තිබිණි . එයට ප්‍රධානතම හේතුව වන්නේ අප සමාජයේ මූලික පදනම සැකසුනේ ගමයි , පන්සලයි ,වැවයි,දාගැබයි පෙරමුණු කොට ගෙන වූ නිසා වෙනි . සැබවින්ම සාරධර්ම අප අතරට එන මූලාශ්‍ර සමාජානුයෝජනය ආයතන කිහිපයකි පවුල , පන්සල , පල්ලිය , කෝවිල , වැනි ආගමික ආයතනයන් .
          යම් පුද්ගලයෙකුගේ පුරුෂාර්ථ යන්ට අනුකූල හැසිරීමට බලපාන රේඛීය සාධකය වන්නේ කුටුම්බය හෙවත් පවුලයි . මනා හික්මීමකින් යුත් පවුල් සංස්ථාවක හැදී වැඩෙන දරුවා සාරධර්ම නම් අවි ආයුධ වලින් සන්නද්ධ  යුධ සෙබළෙකු වැනිය . එවිට ඔහුට හෝ ඇයට සමාජයේ පිළිගත් චරිතයක් බවට වැඩි කලක් ගත නොවනු ඇත.නමුදු මෙහි පරස්පර තත්වය විමසා බැලීම ද ඉතා අගනේය . යම් පුද්ගලයෙකු සාරධර්ම හීන පවුල්ස්ංස්ථාවක් තුළ හැදී වැඩේනම් සමාජයේ බෙලහීන කොන් වූ පුද්ගලයෙකු බවට පත්වීමට වැඩිකලක් ගතවන්නේ නැත . විටෙක පවුල් සංස්ථාව කෙසේ වූවත් තම දැනුමට අනුව බුද්ධියෙන්  විමසා බලා යහපත් දිවි පෙවෙත් හුරු කර ගත්තෝ ද නැතුවාම නොවේ .  
          සාරධර්මයන්ගෙන් පරිපූර්ණ වූ පුද්ගලයෙක් සමාජය තුළ දිවි ගෙවීමේදී ඔහුට සමාජයෙන් ලැබෙන්නාවූ ප්‍රතිචාරයන්  පිළිබද විමසා බැලීම වැදගත් . යමෙක් සාරධර්මයන්ගෙන් පරිපූර්ණ නම් සමාජයේ යම් පිළිගත් තැනැත්තෙක් බවට පත්වේ . එමෙන්ම සාරධර්ම ගුණධර්ම මිනිසාට මෙතරම වැදගත් වන්නේ කුමක් නිසාද යන්න ඉතා වැදගත් වේ . මිනිසා තිරිසන් සතාගෙන් වෙන්වී පෙනෙන්නේ මානසික හා සාමාජීය අතින් මිනිසා  උසස් වන හෙයිනි. සාරධර්ම තුළින් සිදු වන්නේ මිනිසා තුළ සදාචාරමය වෙනසක් ඇතිකරලීමය එහෙයින් අප සමාජයේ ජීවත් වීමේදී පුරුෂාර්ථ ඉතා අගනේය .
                   වර්ථමානය වනවිට සමාජය මේ  සදහා කෙසේ ප්‍රතිචාර  දක්වන්නේද යන්න විග්‍රහ කිරීම ඉතා වැදගත් . වත්මනෙහි සාරධර්මයන්ගෙන් යුත්තකු සමහරෙක් විශේෂ වූ නාමයකින් හඳුන්වයි , එනම් ඔහු හෝ ඇයගොඩයෙක්ලෙසින් හදුන්වයි . වැඩිහිටියනට  සැළකීම, යමෙකුට ගරු කිරීම අද යමෙකුට තම තත්වය බාල කිරීමකි . කෙමෙන් කෙමෙන් සමාජයෙන් පුරුෂාර්ථ දැන් දුරස් වෙමින් පවතින අතර සමහරුන් මෙය විලාසිතාවට පිළිපදිනු දක්නට ලැබීමද හස්යජනකය . මීට මූලික හේතුව කුමක් විය හැකි ද ? අද අප දිවි ගෙවන්නේ ඉතා තරගකාරී තාක්ෂණයත් සමග පෙරළිකාරී ලෙස ඉදිරියට ගමන් කරන සමාජයකි . මෙවන් සමාජයක පුරුෂාර්ථ වැනි දේ පිළිබඳ සිතීමට පවා අද කාලයක් නොමැත . මිනිසුන් යාන්ත්‍රිකය , විටෙක ඔවුන් ගත කරන්නේ පුහු ආටෝප  ජීවිතයි , රටට වැදි බණ පවසන මිනිසුන්ගේ අතුලාන්තය හිස් .ඔවුන් සිතන්නේ භෞතික දියුණුව මිස ආධ්‍යාත්මය  ගැන නොවෙයි . දැණුවත් කමකින් තොරවම අපට හානියක් වන බව අපි නො දනිමු . දිනපතා පුවත්පතක් , රූපවාහිනිය නැරඹුව හොත් නතු ගැටෙන්නේ ප්‍රිය ජනක සංවරශීලී දේ නොවේ . මිනිසුන්ගේ හුදු ඕලාරික ගති පැවතුම් විදහා පාන , පහත් හැගීම් අවුළුවාලන සිදුවීම් දාමයන් .උතුම් ලෙස සැලකුම් ලබන්නට උවමනා දේ නොවතිනා ලෙස තුට්ටුවට දමා කතා කිරීමට යොමු වී ඇත . දඬුවම නියම වන්නේ වරදට නොව මුදලටය. මිනිසත් බව මුදලට යට වී හමාරය . අධ්‍යාපනය අති ඉහල මට්ටමකට නමුදු පාසල් සිසු දරුවන්ද යාන්ත්‍රික රොබෝ වරුන් මෙනි , එකම රාමුවකට සිරවී කල් ගෙවයි . ඉන් පිටත ඇති සංවේදීත් වය වැනි හැගීම් තුරන්ව ගොසිනි .
පවුල තුළ ආදර්ශමත් චරිත ලෙස දෙමව්පියන් තම දරුවන්ට සාරධර්ම උගන්වන පූර්වාචාරීහූ වෙති . නමුත් අද පූර්වාචාරීන් බවට පත්ව ඇත්තේ දරුවන් . වැඩිහිටියන් සාරධර්මයන්ගෙන් දුරස් වී හමාරය . මේ සදහා පිළියම් යොදා රට ජාතිය සමාජය බේරා ගැනීමටද හැකියාව ඇත්තේද අපටමයි . වත්මනෙහි ඇත්තේ සාරධර්ම හීන වී ගිය ධනවාදී සමාජ ක්‍රමයක් යන්න පැවසීමද සාධාරණය . “එදිරිවීර සරත්චන්ද් ශූරීන්ඔහුගේ ධර්මිෂ්ඨ සමාජයකෘතියේ මෙසේ සාරධර්ම හීන සමාජය පිළි දව  දක්වා ඇත . “කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා අද විතරයි සොමිය අත්තෙ හෙට නැති වෙනවා එමෙන්ම සාරධර්ම පාවා දෙන ධනය පිටුපස හඹායන සමාජය පිළිබඳලූෂන් බුලත්සිංහලයන්මෙසේ තමතාරාවෝ ඉගිලෙතිනාට්‍යයෙන් දක්වා ඇත . “එලිපිට ඇත් අවකෙලි ..... කිසිවෙකු දඩුවම් නොකරන්නේ
          මේ සියළු කරුණු සැලකුව විට කල කළ වර්තමානය වනවිට සමාජය සිටින්නා වූ ස්ථාවරය පිළිබදව නිර්ණය කර ගැනීමට හැකියාව ලැබේ , මේ සදහා අපට කුමක් කළහැකි වන්නෙද යන්න සොයා  බැලීම වැදගත්වේ . සමාජයේ යම් යම් සාරධර්ම සමාජානුයෝජනය මය  ආයතන මගින් ආදර්ශවත් චරිත නිර්මාණය කිරීම යුගයේ අවශ්‍යයතාවයකි . කුඩා දරුවාගේ පටන් සාරධර්ම පිළිබඳ යම්කිසි අධ්‍යාපනයක්  ලබා දීම සිදු කළ යුතු ය .සමාජයේ ජීවත් වන ආදර්ශමත් චරුතයන්ගේ මගපෙන්වීම තුළින් සමාජය තුළ සාරධර්ම ස්ථාපිත කිරීමේ ක්‍රීයාවලියක් ආරම්භ කල හැක. තවද මෙය නිවරදි මග පෙන්විම හා ස්වයං අවබෝධය අවැසි ය මක්නිසාද යත් මෙවා බලෙන් පෙවීමට නොහැකි බැවිනි .
.කෙසේ වෙතත් සමාජය තුළ පුරුෂාර්ථ ස්ථාපිත කිරීමට අප යුහුසුලු නොව්න්නේ නම් දරුණු ඛේදවාචකයකට මුහුණ දීමට සූදානම් වී අප පෙරමං බලා සිටිය යුතුය . පුද්ගලයාත් සමාජයත් යා කරන යදමක් බදු පුරුෂාර්ථ නැතිනම් සාරධර්ම රැක ගනිමින් අනාගත රට ලෝකය ආරක්ෂා කර ගැනීම අප සතු උදාර යුතුකමකි, වගකීමකි.