විදැස: ලාංකේය වත්මන් සමාජය ලාංකේය වත්මන් සමාජය | විදැස

ලාංකේය වත්මන් සමාජය


  ශ්‍රී ලංකාවේ අභිමානවත් ඉතිහාසයක් හිමි සාඩම්බරණීය ජාතියකි . ඉතිහාසයේ සිට සමගිය , එකමුතු බව සහයෝගිතාව අතින් ඉහළම ස්ථානයක ලාංකිකයන් වශයෙන් අපි වැජඹුණෙමු .එසේ ගොඩ නැගුණු සහයෝගිතාවේ බැම්ම සියලු සමාජ උපත් ද්‍රව වලින් බේරී සිටීමට අපගේ මුතුත් මිත්තන්ට මහත් ශක්තියක් වුනි .
                         

 එදා සමාජයේ තිබූ තත්වය කෙසේද යත් කාන්තාවකට මැණිකක්  දෝතින්ම රැගෙන දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා ආරක්ෂිත ව ගමන් කිරීමට හැකියාව තිබුනු බවට අප අසා ඇත . නියම පිළිවෙතට අනුව නම් වත්මන වන විට එය තවත් දියුණු විය යුතුය . නමුත් සිදුව ඇත්තේ වෙනත් දෙයකි . එනම් තිබූ තත්වය ස්වප්නයක් කොට අන්ත්යට යාමය . අද කතක් එලෙස ගමනක් යමට සිතන්නේ නම් බොහෝ වර සිතිය යුතුය . අද එසේ කතකට අඩි දෙක තුනක් වත් ගමන් කිරීමට හැකි  උනොත් මහා පුදුමෙකි . මැණික  සොරාගනු පමණක් නොව එම කාන්තවටද සෝචනීය ඉරණමකට මුහුන පාන්නට සිදුවනු ඇත . සමාජයේ  දියුණුවේ තරම මනා කොට දිග  හැර පෙන්වීමට  එය කදිම නිදසුනකි .


          අද යමෙක් මහමග අතරමන් වුවහොත් එසෙත් නැතිනම් කරදරයකට ලක් වුවහොත් සිදු වන්නේ මහා ඛේදවාචකයකි . උදවු කිරීමට යමෙක් ඉදිරිපත් නොවනවාම නොවෙයි සානුකම්පිත සුළුතරයක් වන විට අනුකම්පා විරහිත වූවෝ බහුතරයකි . පීඩිත පන්තියේ උපත ලබා ඉහල තනාන්තර දැරූවන්ගෙන්  පීඩිතයන් දෙස  අනුකම්පාවෙන්  බලන්නේ සුළුතරයකිබහුතරය පීඩිතයන් තවත් පීඩාවට ලක්කොට යහමින් රජ වෙන්නට උත්සුක වෙති . අප මහා බුදුරජාණන් වහන්සේ මිනිසාව හදින්වූයේ මනන් උස්සතීති මනුස්සානන්හෙවත් මනසින් උසස් වූ තැනැත්තා මිනිසාය යනුවෙනි . බුද්ධ දේශනාවට එහා ගිය මානුශීයත්වය පසෙකට ලූ මිනිසුන් බොහෝමයක් සමාජ ගතවී ඇත. එසේ නොමැත්තේ නම් තම කුසින් වැදූ තමන් ජාතක  කල දරුවා කෙලෙසීමට හැකි  පියවරු, මරා දැමීමට හැකි මව්වරු,තම මා පියන් අමානුෂික ලෙස ඝාතනය කලහැකි දරුවන් නොසිටිය යුතුය.

          ලොව තුළ තාක්ෂණය සීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතී . ගෝලීයකරණයේ  සහයෝගීත්වයෙන් යම් යම් තාක්ෂණික  මෙවලම්  ලංකාවට ද  පැමිණෙන අතර එය සිදු වීම නතර කල නොහැක. වත්මන් ලෝකයට දැනුමෙන් සන්නද්ධ වීම සදහා මේ සියල්ල උවමනාය . එසේ නොවූ කල  අප රට වැස්සෝ ලෝකයා ඉදිරියේ ළිද තුළ සිටින මැඩියන් මෙන් වනු ඇත . අප හට එක තැන පල් වන ජාතියක් බවට පත් විය නොහැකිය . කෙසේ වෙතත් අද සමාජ පරිහානියට බොහෝ දෙනා දොස් නගන්නේ තාක්ෂණික   දියුණුවටය ..තාක්ෂණය දියුණු වූ පමණින් තාක්ෂණය  විසින් සමාජය විනාශ කරන්නටැයි බල කරන්නේද නැත තාක්ෂණයට අපව පලනය කරන්නට දීම නොව අප විසින් තාක්ෂණය පාලනය කිරීම සිදු කල යුතු ය.කෙසේ වෙතත් සමාජය ගොඩ ගන්නට සිතනු විනා තාක්ෂණයට බැණ වැදීමනටන්නට බැරිවාට පොලවේ ඇද කියා පන්නා සේය

          හොද නරක තෝරා බේරාගෙන සන්ස්කෘතියට සමාජයට කැළළක් අති නොවන ලෙස කටයුතු කිරීමේ වගකීම අප සතුය. වරද තව කෙනෙකු මත තබා සැහැල්ලු වීම වියයුත්ත නොවේ . රටට මිස බඩට සේවය කරන්නා වූ ආත්මාර්ථයකින් නොවිය  යුතුයි .පරාර්ථය කැඳවිය යුතු ය . සැබෑ සංවර්ධනය යනු හෞතික සංවර්ධනය පමණක් ම නොවේ ,ආධ්‍යාත්මික  සංවර්ධනය හා බද්ධ විය යුතුම ය , එසේ වු කල සමාජ ව්‍යසනයන්  බොහෝමයක් තුරන් ව යනු ඇත . වරදක් කල තැනත්තා හට නිතරම ඒ වරද පිටම දමා තලා පෙළා හිරිහැර කිරීම සිදු නො කළ යුතු ය .ඔහු හට පුනරුත්ථාපනය වීමට උදවු කල යුතුය .

          මේ සියල්ල බලා සැනසෙන්නට, හිනහෙන්නට ,රවන්නට ,ඔරවන්නට නොව යමක් සිතන්නට ය . අපිට මුළු මහත් සමාජයක් එකවර ගොඩගත නොහැකිය , එකිනෙකා විමසීමෙන් කටයුතු කළහොත් ලාංකික
 ජාතිය අභාවයට යානොදී චිරාත් කාලයක් මේ මහා දියත තුළ යහමින් වැජඹීමට හැකියාව  ලැබෙනු ඇත .  



2 comments:

  1. ආරම්භයක් ලෙස හොද මාතෘකාවක් තෝරාගෙන තියනවා. සමස්ථ සමාජය පිරිහෙන විට විවේචනයත් සමග සමාජ අපගමනය නතර කිරීම සදහා යෝජිත වැඩ පිළිවෙලක්ද සදහන් වන්නේ නම් හොදයි. එවිට මෙය කියවන පාඨකයාට අලුතින් යමක් සිතන්නට, කරන්නට පෙළඹේවි.

    ReplyDelete
  2. බ්ලොග් එක අරම්භයේදිම ලැබුන ඔබගේ අදහස් ඉතා අගය කරන අතරම හෘදයංගම ස්තුතිය පිරිනැමිමට කැමතියි.ඉදිරි ලිපි වලදි අඩුපාඩු සකස් කිරිමට උපරිම උත්සහ වෙන්නම් .

    ස්තුතියි.

    ReplyDelete

ඔබගේ අදහසත් එක් කරන්න