විදැස: ශ්‍රී ලංකාවේ සන්නිවේදන මාධ්‍යය හා සංවර්ධනය ශ්‍රී ලංකාවේ සන්නිවේදන මාධ්‍යය හා සංවර්ධනය | විදැස

ශ්‍රී ලංකාවේ සන්නිවේදන මාධ්‍යය හා සංවර්ධනය



න්නිවේදනය යන්න මානව ශිෂ්ඨාචාරය බිහිවීමේ මුල් අවධිය තෙක් දිව යන අති සංකීර්ණ  මාතෘකාවකි .සරළ අරුතකින් පවසතොත් මානවයා මේ  මිහි මත රදා පවතින්නේද සන්නෙවේදනය මුල්කොට ගෙනය . යම් හෙයකින් සන්නිවේදනය නොතිබුනා නම් මේ සා විශාල මානව සමාජයක්  ලොව තුළ බිහි වීමටද ඉඩ නොතිබිණි .


ඈත අතීතයේ මිනිසා ලොව තුල උපත ලද දා පටන්ම සන්නිවේදනයේ නිරත වී ඇත . සන්නිවේදනය යනු කුමක්ද? සන්නිවේදනය කුමක් අර්ථ ගැන්වේද ? යන්න විමසා බැලීම වැදගත් . හුදෙක් සන්නිවේදනය යනු තොරතුරු හුව මාරුවයි . පුද්ගලයෙක් තවත් පුද්ගලයකු  හෝ  පිරිසක් සමග සිදු කරනු ලබන අදහස් හුවමාරුව සන්නිවේදනය වේ. සන්නිවේදනය වනාහී ජීවත් වීම සදහා අත්‍යවශ්‍ය සංසිද්ධියකි. සන්නිවේදනයේ මහාර්ඝ ප්‍රතිළුලයක් ලෙස සත්වයින්ගේ බිහි වීම පැතිරීම හා එක් එක් සත්ව කොට්ඨාශයන්ගේ දියුණුව ගත හැකිය . සන්නිවේදනය වනාහි මිනිසුන්ට පමණක් පොදු වූවක් නොවේ මෙලොව ජීවය ලද සියළුම ජීවීන්ට සන්නිවේදනය අත්‍යවශ්‍ය ය .


  ලාංකික ඉතිහාසය තුළ සන්නිවේදනය සිදු වන්නට ඇත්තේ කෙසේද ? ලාංකික ඉතිහාසය ගැමි  සමාජය ගෝත්‍ර සමාජය තෙක් දිව යයි . ඈත අතීතයේ ලාංකිකයන් පමණක් නොව මුළු මහත් මානව සංහතියද තම සන්නිවේදන අවශ්‍යතාවය   සපුරා ගැනීමට ඉඟි , සංලක්ෂ  ,සංකේත  ආදිය අපයෝගී කොට ගත් බවට අතීත මූලාක්ෂර සාක්ෂි දරයි. අතීතයේ මිනිසුන් අතර පරිසරයේ සිදුවන  යම් යම් වෙනස්කම් පරිණාම යන්ට අනුව සන්නිවේදන ක්‍රියාවලිය මේ දක්වා පැමිණෙමින්  පවතී


සන්නිවේදනයෙන් අර්ථ ගැන්වෙන්නාවූ මූලික අදහස නම් පණිවිඩ හුව මාරුවයි  . අතීතයේ සිට මේ දක්වා පණිවිඩ හුව මාරුව යුගයෙන් යුගයට වර්ධනය වෙනින් ගලා ආවකි. මුල් අවධියේ මිනිසා හට භාෂනය සදහා විධිමත් භාෂාවක් නොතිබිණි . දඩයම් යුගයෙදී මිනිසුන් සංකේත  රූප වලට අනුව  පණිවිඩ හුවමාරු කොටගෙන තිබූ බවට පැරණි ගල්ලෙන් ආදියෙන් සාධක හමුව්වි ඇත . මීට අමතරව දුම් රොටු යැවීම , ගමන් කරන අතර මග යම් යම් සළකුණු තැබීම (ගස් අතු කැඩීම ආදිය ) හූ හඩ දීම , විවිධ ශබ්ද වලින් කෑ ගැසීම යනාදිය නිදසුන් වන අතර යම් මට්ටමකට දියුණු වූ පසු කොල කැබැල්ලක  සටහන් කරන ලද රූප සටහන් හීයක අමුණා විඩීම තුළින්ද , පසුව යම් යම් සතුන් අත පණිවිඩ යැවීම,අණබෙර යැවීම , කොල අතු එල්ලීම වැනි ප්‍රාථමික ක්‍රම ඔස්සේ සන්නිවේදනය වැඩි දියුණු විය .
19 වන සියවසේදී කාර්මික විප්ලවයත් සමග සන්නිවේදන ක්‍රම මෙන් ම මිනිසා විසින් කරනු ලබන පූර්ණ ක්‍රියාදාමය වෙනස් ම අතකට පෙරළුනි . කෙසේ වෙතත් ලාංකික සන්නිවේදන ක්ෂේත්‍රය පුළුල් වීමට බොහෝ කල් ගත වුනි . මෙයට හේතු වූයේ විදේශීය නිර්මිතයනට මෙරටින් දොරගුලු ලා තිබීමයි . නමුදු  ප්‍රමාද වී හෝ ලාංකිකයන් හට නවීන සන්නිවේදන උපක්‍රම විවෘත ආර්ථිකය ඇරබීමත් සමගම අත් පත් කර ගැනීමට අවස්ථාව සැලසුනි .එය සිදු වන්නෙ 1977 පසු වය. එහෙත් ඉතා සාම්ප්‍රදායික ක්‍රම වලට හුරු පුරුදු වී සිටි ලාන්කිකයෝ මේ නුහුරු නුපුරුදු දේට අනුගත වීමට බොහෝ කල් ගත වුනි මන්ද යත් ලංකාවේ බහුතර ජනයා ඉතා දිළිදු දුප්පත් අසරණ නූගත් මිනිසුන් වූ නිසාවෙනී. මේ තත්වය ගම්බදව අදටත් දක්නට ලැබේ යම් පමණකින් .  කෙසේ හෝ ක්‍රමයෙන් දුරකථනය , රේඩියෝව , තැපෑල , රූපවාහිනී ය  ජනයා සතු වුනි . නමුදු පෙර කී තත්වය නිසාවෙන් මෙ දෑ ජනතාවට නොසුදුසු තත්වයකට පත් වුනි . ඉතා මිල අධික වීම , මේ පිළිබද දැනුමේ ඇති  හිග කම මේ දෑ සමාජ ගත වීම අල්ප වීමට හේතු කාරක විය තැපෑල හා රේඩියෝව එකල ජනයාගේ වඩාත් ජනප්‍රියතම සන්නිවේදන මාධ්‍යයන් වුනි. ගමේ කඩ මණ්ඩියට එක් රොක් වන ගැමියෝ හවස් වන විට පුවත් ඇසීමට හුරුවී සිටි බවට අප අසා ඇත. එ තුලින් හරවත් බොහෝ දැ සමාජ ගතවුනි උදා :ළමා පිටිය, මුවන්පැලැස්ස ආදි අධ්‍යාපනික විනෝද වැඩ සටහන් එහි ගැබි විය . කල් යත්ම ලිඛිත මාධ්‍යය වන පුවත් පතද එක් වුනි .
කල් යත්ම ජනයා කෙමෙන් කෙමෙන් නවීන මාධ්‍යය කරා හුරු වෙමින් අතර විද්යුත් තැපෑල යනාදිය ලංකා‍ව පුරා ව්‍යාප්ත වූ ප්‍රධාන සන්නිවේදන මාධ්‍යයක් බවට පත් විණි. මේ සියල්ලෙන් ජනයා අත්පත් කරගත් ගුන මෙන්ම අගුන තැන්ද නැතුවාම නොවේ .වර්තමානය එනම් 21වන සියවස ආරම්භ වීමත් සමග සන්නිවේදන අංශය   ඉතා පුළුල් මට්ටමකට පැමිණ ඇත.වත්මන වන විට ලැයිස්තු ගතකර අවසන් කළ නොහැකි තරමටම සන්නිවේදන අංශය පුළුල් වී ඇත . දුරකථනය , පරිගණකය , අන්තර්ජාලය ,  විද්යුත් තැපෑල , ජංගම  දුරකථන , ෆැක්ස් , වැනි විවිධ යාන්ත්‍රික සන්නිවේදන  මාධ්‍යය බොහෝ සෙයින් පරිණාමනය වි ඇත.
ශ්‍රී ලංකාවේ සන්නිවේදන මාධ්‍යය හා සංවර්ධනය පිළිබදව සලකා බලන කළ වර්තමානය වන විට එය ඉතා දැවෙන ගැට‍ළුවක් බවට පත්ව ඇත . ජනතාව අතට පත්ව ඇති මෙම සන්නිවේදන මාධ්‍යය අනිසි ලෙස භාවිත කිරීම හේතුවෙන් කිසිසේත්ම හිතකර නොවන තත්වයක් අද සමාජය තුළ උද්ගතවී ඇත . කෙසේ වෙතත් මේ වනවිට දියුණුවට පත්ව ඇති රටවල් ඔවුන්ගේ දියුණුව සදහා යොදා ගත් ප්‍රමුඛතම උපකාරක මාධ්‍යයන් ලෙස මෙම නවීනතම සන්නිවේදන මාධ්‍යයන් උපකාර කර ගනිති . සන්නිවේදනයේ ප්‍රධානතම ප්‍රතිළුලයක් ලෙස ගෝලීය කරණය සදහන් කල හැකිය , එනම් මුළු ලෝකයම එකම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇත . එහෙයින් අප මව් බිමට මෙයින් ලබා ගතහැකි ප්‍රතිලාභ බොහෝ වන නමුදු වත්මන් සන්නිවේදන මෙවලම් උපක්‍රම භාවිතා කිරීමේ ප්රථිලාබ ලෙස ලාංකික ජනයාට ලැබී ඇත්තේ හිතකර ප්රතිඵල අල්පයකුත් අහිතකර ප්රතිඵල රාශියකුත් . වර්තමානය වනවිට සංස්කෘතිය සාදාචාරය විනාශවීමේ රේඛීය මූලාශ්‍රයක් බවට මෙම නවීන සන්නිවේදන මාධ්‍යය න් පත්ව ඇත. අන්තර්ජාලය අනිසි ලෙස භාවිතයට ගෙන ජීවිත අගාධයට ලක්කර ගත්තෝ බොහෝයි මේ තත්වයට බොහෝ සෙයින් නතුව ඇත්තේ වත්මන් තරුණ පරපුර ය  . මේ සදහා වන ප්‍රධානතම හේතු සාධකය නම් මෙහි ඇති ගුණාත්මක වටිනාකම පිළිබද පූර්ව දැනුමකින් තොරව මේ දෑ ඔවුන් අතට පත්වීමයි , මෙවන්ම විවිධ අංගය න් දිනෙන් දින එක්වෙමින් වැඩි දියුණු වෙමින් පැමිණෙන  ජංගම දුරකථන නිසාවෙන් සමාජ ගතවී ඇති යම් යම් ගැටළු කාරී තත්වයන් බොහෝමයකි . ගැට‍ළුව නම් මේ සියල්ල සිදු වන අදත් අප තවමත් තුන්වන ලෝකයේ රටක ජීවත් වීමය .
මේ  සදහා අපට යොදා ගත හැකි ක්‍රියාමාර්ග කවරේද ? යන්න විමසා බැලීම අවශ්‍යයි. පළමුව නවීන සන්නිවේදන මාධ්‍යයන් පිළිබදව මනා දැනුමක් ලබා දීම අත්‍යවශ්‍යයි . එය නිසි ලෙස හසුරුවන මූලික ක්‍රමවේද වැඩපිළිවෙළක් අවැසිය . මේ සියල්ල භාවිත කිරීමට විදුලි බලය අනිවාර්ය සාධකයකි . විදුලි බලය ලබා ගැනීමේ යම් යම් ගැට‍ළු නිසාවෙන් ගම්බද ජනයාට මේ දෑ  භාවිත කිරීමේ අපහසුතා මතුව ඇත . තවද එවා යටිතල  පහසුකම් ලෙස වර්ගීකරණය කල හැකිය. මේ සදහා පිළියම් අනිවාර්ය වේ .රූපවාහිනිය , රේඩියෝව , වැනි සන්නිවේදන මාධ්‍යයන් ඉතා යහපත් ප්‍රතිඵල දායක වන අයුරින් භාවිතා කිරීමට අත්වැල් සැපයීම බලධාරියෝ විසින් සිදු කල යුතුය .අසභ්‍ය දේට අනවශ්‍ය දේට වාරණ යෙදිය යුතුය .නමදු මාධ්‍යය සදාචාරයක් ,හික්මීමක්, මාධ්‍යය මාෆියා ,අපක්ෂපාතී තොරතුරු සැපයීමක් ‍නැති  රටක ඒවැනි යහපත් දෑ බලාපොරොත්තු ද විය නො හැක.  

නො වටින නොගැළපෙන දෑ තුරන් කල විටක පරිපූර්ණ වූ සමාජයක් බිහි කර ගැනීමට කෙදිනක හෝ අපට හැකියාවක්  ලබෙනු ඇත , කෙදිනක හෝ නවීන  සන්නිවේදන මාධ්‍යය බිහි වීමේ අගනා ප්‍රතිළුල ගැනීමට අපටත් හැකි වේවා!!.



0 Comments
Disqus
Fb Comments
Comments :

No comments:

Post a Comment

ඔබගේ අදහසත් එක් කරන්න